gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘සුමන්තිරන් අපි ආවා.. උඹ එනකන් තමයි ඉන්නේ..’ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා රොද බදිති.. මහින්ද රාජපක්‍ෂත් විරෝධතාකරුවන් හා එක්වෙයි - (video)

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය කළ උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ සාවද්‍ය වාර්තාව පිළිගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදානම් නැති බවත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්වීමට මහා බ්‍රිතාන්‍යයට කිසිදු අයිතියක් නැති බවත්ය.
1818 දී සිංහල තරුණ තරුණියන් දහස් ගණනක් අමු අමුවේ මරා දැමු බ්‍රිතාන්‍ය අද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කිරීම විහිළුවක් බව ඒ මහතා පැවසීය.

එදා 2015 මංගල සමරවීර ජිනීවා හිදී සිදු කළ පාවාදීම අද තිලක් මාරපන සිදු කිරීමට උත්සහ දරණ බව පැවසු මහාචාර්ය ජයසුමන මේ සඳහා උල්පන්දම් දෙන දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන්ට ඇත්තේ වෙනත් බලයක් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැතිකමේ හයිය බව පැවසීය.

සුමන්තිරන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා පැමිණෙන තෙක් තමන් ජිනීවා සිට බලා සිටින බවද මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ දුරකථන මගින් සභාව අමතමින් පැවසුවේ ජිනීවා වලදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරන්නේ අගමැතිද ජනාධිපතිද යන වග පැහැදිලි නැති බවයි. ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවලියක් මේ මොහොතේ කිසිසේත් අවශ්‍ය නැති බවද ඒ මහතා පැවසීය.

ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ස්කොට්ලන්තය ඇතුළු රටවල් ගණනාවක සිට පැමිණි නියෝජිතයන් ද මෙහිදී අදහස් දැක් වූහ.

සංජීව දොඩන්තැන්න
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka