gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ හයදහසක කාර් ගෙන්නපු ‍අගමැතිට ජනතාවගේ පටි තද කරන්න අයිතියක් නෑ - අනුර කුමාර (Video)

මේ වසර සඳහා යෝජිත අය වැය ලේඛනය මඟින් වාහන මිළ ඉහළ දැමීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධයක් එල්ල කර තිබේ.

රටේ අමාත්‍යවරුන් සුඛෝපබෝගී ජීවිත ගත කරමින් රටේ ජනතාවගේ පටි තද කරගන්නා ලෙස බල කිරීමට ඔවුනට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසන්නේ.

වාහන ආනයනය සීමා කිරීම සඳහා තීරණයක් ගැනීමට සදාචාරාත්මක අයිතියක් පවතීද යන්න ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් විමසා සිටියේ මාර්තු 7 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවේ සියලුම අමාත්‍යවරුන් තමන්ට ලැබුන අමාත්‍යංශය හරහා ලබා ගත් සියලුම වාහන ලක්ෂ හාරසිය හතලිහට වැඩි වටිනාකමකින් යුක්ද බවද මන්ත්‍රීවරයා එහිදී අනාවරණය කළේය.

"ඒ නිසා ගත හැකි මිල අධිකම, සුපිරිම වාහනය අරගෙන සාමාන්‍ය මිනිස්සුන්ට කියනවා මරුටි එක නතර කරපන්, වැගන්ආර් එක නතර කරපන්, මොකක්ද මේ කියන කතාව"

සුඛෝපබෝගී වාහන ආනයනය නොකරන ලෙස පැවසීමට අගමැතිවරයාට කිසිදු අයිතියක් නොමැති බව ද ජවිපෙ නායකයා එහිදී සඳහන් කළේය.

"රනිල් වික්‍රමසිංහ මහත්තයා කාර් දෙකක් ආනයනය කළා. පරිපූරක ඇස්තමේන්තුව දැම්මා කොච්චරක්ද ලක්ෂ පන්දාස් නමසිය අනු තුනයි. ආසන්න වශයෙන් ගත්තොත් කාර් එකක් ලක්ෂ තුන් දාහයි. ලක්ෂ තුන් දාහේ කාර්."

ඇතැම් දිනවලදී අරලියගහ මන්දිරයේ සිට අගමැතිවරයා පාර්ලිමේන්තු පැමිණෙන්නේද හෙලිකොප්ටරයෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ජනතා නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කළේ එවැනි තත්ත්වයක් තුළ මිලියන තුන් සියයක් වියදම් කරමින් කාර් එකක් මිලදී ගැනීම අනුමත කරන්නේද යන්නයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka