gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති වැය ශීර්ෂය ඒකමතිකව සම්මතයි !

ඡන්දයකින් තොරව ජනාධිපති වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
සම්මත කිරීම සඳහා ශිර්ෂ අංක එක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි නැගී සිට බෙදීමක් ඉල්ලා සිටියේය.
බෙදීමක් අවශ්‍යදැයි කතානායක කරු ජයසූරිය මහතා යළි ප්‍රශ්න කළ අතර එම අවස්ථාවේ ලක්ෂමන් කිරිඇල්ල සභානායකවරයා නැගී සිට බෙදීමක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කළේය.
ඒ සමඟ පසුපෙළින් ඝෝෂාකාරී තත්ත්වයත් ඇති වූ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැගී සිට යළිත් වරක් බෙදීමක් අවශ්‍ය නැති බව දැනුම් දුන්නේය.

ඒ අනුව ඡන්දයකින් තොරව ජනපති වැය ශීර්ෂය සම්මත විය.

එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පසුපෙළ මන්ත්‍රීවරුන් අසලට පැමිණ යමක් කියනු දක්නට ලැබිණි. ඇතැම් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් එම මන්ත්‍රීවරයාට සවන් දෙන බවක් දක්නට නොලැබිණි.

කෙසේවුවද, එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පළකල විරෝධය සටහන් කරගන්නා ලෙසටද කරූ ජයසූරිය මහතා මෙහිදී දැනුම්දුන්නේය.

මේ අතර විවාදයේදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කර සිටියේය.

ඊට ජනාධිපතිවරයා සෘජුවම වගකිව යුතු බවයි මන්ත්‍රිවරයා එහිදී පෙන්වා සිටියේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka