gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද කැදවූ විපක්‍ෂ හමුව ශ‍්‍රීලනිපය වර්ජනය කරති.. නව සන්ධානය හැදීම ප‍්‍රමාද කරන්නේ යයි පොහොට්ටුවට චෝදනා !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය හා ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්චා කිරීම සදහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැදවනු ලැබ ඇති සාකච්චාවට සහභාගී නොවීමට සන්ධානයේ දැනට ශ‍්‍රීලනිපය සමග කටයුතු කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස තීරණය කර ඇත. මෙම හමුව කැදවා ඇත්තේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී හෙට දිනය පුරාය.

මීට පෙර වාර්තා වූයේ මෙම හමුව සදහා ශ‍්‍රිලනිප පොහොට්ටු මන්ත‍්‍රී දෙපිරිසම මහභාගී වන බවයි.

මීට හේතුව යයි පැවසෙන්නේ ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධානය සෑදීම පොහොට්ටු පාර්ශවයෙන් ප‍්‍රමාද කරන්නේ යයි ශ‍්‍රීලනිපය විසින් අදහසක් දැරීමයි.

ඊයේ දිනයේ විපක්‍ෂය විසින් මහනුවර පැවැත්වූ ජනරැුළියටද මේ හේතුව මතම කිසිදි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් සහභාගී නොවීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka