gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

''ජවිපෙ 20 ට අකමැති නමුත් විධායකයට එකඟ නැහැ'' - මහින්ද කියයි

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් අකැමැති නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මීගමුව වැලිහේනේදී ප්‍රකාශ කළේය. විපක්‍ෂ නායකවරයා එසේ ප්‍රකාශ කළේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රිනියගේ පියාවූ අභාවප්‍රාප්ත අල්පොන්සෝ ප්‍රනාන්දුපුල්ලේ මහතාට අවසන් බුහුමන් දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ජාවක් පසුගිය බදාදා (මාර්තු 06) සවස කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවතියේය.

විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයක් ඇති කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙහිදී සාකච්ඡා ලක්ව ඇත.

TNA 20ට කැමතියි !

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම සන්ධානය එකඟ බවයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය හා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි. මෙම අවස්ථාවට පක්ෂ කිහිපයක නියෝජිතයන් ද එක්ව සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka