gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බම්බලපිටියේ ඩිෆෙන්ඩර් රථ අනතුර : බරපතළ තුවාල ලබා සිටියි බොරැල්ල ට්‍රැෆික් OIC ජිවිතයෙන් සමුගනියි

ම්බලපිටිය ඩුප්ලි බුලර්ස් හංදියේදී ඉකුත් පෙබරවාරි මස 24 වෙනිදා අලුයම සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා (09) රාත්‍රියේදී කොළඹ ජාතික රෝහලේදී අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කලේ අනතුරෙන් බරපතළ තුවාල ලබා සිටි පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද රාත්‍රී 8.50 ට පමණ අභාවප්ප්‍රාප්ත වූ බවයි.

රාජකාරී කටයුත්තකට යමින් සිටි බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් හංදියේ පිහිටි මාර්ග සංඥා පද්ධතිය අසලදී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් යටකර පළා ගිය අතර අනතුරෙන් ඔහුගේ හිසට සහ කකුල් දෙකට බරපතල හානි සිදුව තිබු බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

පොලිස් පරීක්ෂකවරයා අනතුරට ලක් කොට පළා ගිය ඩිෆෙන්ඩර් රථය සහ එම රථය සමග පැමිණි තවත් ජීප් රථයක් පිළිබදව පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවේ CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. එහිදී ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක ගාල් කර තිබියදී සොයා ගැනීමට බම්බලපිටිය පොලිසියේ නිළධාරීන්ට හැකිවිය.

ඒ අනුව රථ දෙකේ ගමන් කරන ලද පුද්ගලයින් 08 දෙනෙක් බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි 25 වනදායි.

එහිදී පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා යටකර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරු මාර්තු මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සෙසු සැකකරුවන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

පසුගිය සතියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ ජාතික රෝහලට ගොස් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් පරීක්ෂකවරයාගේ සුවදුක් බැලීමට පැමිණියා.

- දිනුක් හේවාවිතාරණ
nethnews
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka