gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

TNA යෝජනාව අරන් උතුරු ආණ්ඩුකාරවරයා ජිනීවා යයි !

ජිනීවා මානව හිමිකම් කොමිෂණ සභාව වෙතට  ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද නියෝතයෙකු වූ උතුරු පලාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා වෙතට (10) උතුරු පලාතෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් විසින් පළමු යෝජනාව භාර දෙනු ලැබීය.
ජිනීවා මානව හිමිකම් කොමිෂණ් සභාවට ඉදිරිපත් කිරීමට ඇති යෝජනා තමන් වෙතට භාර දෙන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර සුරෙස් රාඝවන් මහතා විසින් උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ට, ආගමික නායකයින්ට මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු අනෙකුත් සංවිධාන වෙතට දැනුම් දීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයෙ උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී වරුන් වන එම්.කේ.සිවාජිලිංගම් හා ආනන්දි ශෂිධරන් මහත්මිය ඇතුලු පිරිසක් විසින් අදාල යෝජනාවන් උතුරු ආණ්ඩුකාරවරයාට භාර දීම සිදු විය.

එමෙන්ම ජිනීවා මානව හිමිකම් සභාව වෙතට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා සාමාන්‍ය ජනතාවටද අවස්ථාවක් සලසා දෙමින් මේ මස 13 වන බදාදා දිනයට යෙදී ඇති ඇති මහජන දිනයේදී මහජනතාවගේ යෝජනාද ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට උතුරු ආණ්ඩුකාර වරයා විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka