gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සහජීවනය පතා මන්නාමේ සිට බිම පෙරලෙමින් ශ්‍රී මහා බෝධියට පැමිණේ.. සිංහල වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක්

සියලු ජාතීන් අතර සාමය සහජීවනය ඇතිවේවා යැයි ප්‍රාර්තනය ඇතිව දෙවියන් වෙනුවෙන් විශේෂ භාරයක් වූ ක්‍රිෂ්ණන් ඩයස් නැමත්තා මන්නාරමේ සිට ප්‍රධාන මාර්ගයේ බිම පෙරලෙමින් ගමන් අරඹා අද (17) සවස වන විට අනුරාධපුර ශ්‍රීමහාබෝධීන් වහන්සේ වෙතට ලගා වීමට පියවර ගෙන ඇත.
දේශීය වෛද්‍ය වරුයෙකුද වන ක්‍රිෂ්ණණ් ඩයස් නැමති දමිළ වැසියා පෙබරවාරී 05 වනදා සිය භාරය ඔප්පු කිරීම සඳහා මන්නාරම තල්අඩි තිරුකේදීස්වරන් කෝවිලෙන් ගමන් ආරම්භ කල අතර එදින සිට මන්නාරම මාන්තෙයි, අඩම්පන් ,උයිලන්කුලම්, මුරුන්ගන්, මුඩු දේවස්ථානයටද ඉන් අනතරුව සෙට්ටිකුලම් හරහා මැදවච්චියටත් අවසානයේ අනුරාධ පුරයටත් පැමිණියේ මාර්ගයේ බිම පෙරලෙමිණි.

දින 39 කට පසුව අද දිනයේදී අනුරාධපුරයට ලගා වන අතර අද සවස වන විට ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ දමීපයෙන් භාරය අවසන් වීමට නියමිතව ඇති අතර ඔහු සිය භාරය ඔප්පු කිරීමට මාර්ගයේ පෙරලෙමින් පැමිණෙන විට අසල් වාසීන් විසින් පෙරලෙන මගෙහි පැදුරු රෙදි දමා සහය දැක්වීම සිදු කරනු ලබයි .

එමෙන්ම මැදවච්චිය හා අනුරාධපුරයට පිවිසි ක්‍රිෂ්ණණ් ඩයස් නැමත්තාට සිංහල ජනතාවගෙන්ද උණුසුම් ප්‍රතිචාර ලැබුනු අතර සිංහල ජනතාවද ඔහු පෙරලෙන ගමන් මගට පැදුරු හා රෙදි කඩ දමා සහය දැක්වීම සිදු කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka