gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට අලුත් අගමැතිවරයෙක් සමග අලුත් ආණ්ඩුවක් - ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක හෙලි කරයි

ද (13) දින එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට ක්‍රියා කළහොත් හෙට (14) දින නව අග්‍රාමාත්‍යවරයකු සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
එම නිසා හැකි නම් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අද දින පාර්ලිමේන්තුවේදී පරාජය කර පෙන්වන ලෙසට තමා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ලෙස ආණ්ඩුවේ ප්‍රධානියා වන නිසා ආණ්ඩුවේ ප්‍රධානියාගේ වැය ශීර්ෂය පරාජයට පත් කළහොත් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය අහෝසි වන බවත් ඒ අනුව නව අගමැතිවරයකු සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හැකි බවත් ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

තමන්ගේ වැය ශීර්ෂය පරාජය කරන කිසිදු විශ්වාසයක් නොමැති ආණ්ඩුවක් සමඟ ජනාධිපතිවරයාට යා නොහැකි බවත් එම නිසා නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ක්‍රියා කිරීමට ජනාධිපතිතුමාට කිසිදු බාධාවක් නොමැති බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– mawbima


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka