gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැරියක් අපයෝජනය කළ "රත්තරන්" පොලිස් ආරක්ෂාව ඉල්ලයි!

16 හැවිරිදි දැරියක බරපතල අපයෝජනයට හා අතවරයකට ලක්කිරීමේ චෝදනා මත අධිකරණයේ ඇපමතපත මුදාහැරීමට ලක්වසිටින ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන් ) දකුණු පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ඊයේ (12) පැවති දකුණු පළාත් සභාවේදී මන්ත්‍රී වරප්‍රසාදයක් මතුකරමින් තම ජීවිතයට මරණීය තර්ජන ඇතිවෙතැයි පවසමින් පොලිස් ආරක්ෂාව ලබා දීමට පළාත් සභාව මැදිහත්වනලෙස ඉල්ලා තිබේ.

එයට ප්‍රතිචාර දක්වමින් සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ ඒ මරණීය තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණීල්ලක් කිරීමෙන් පසුව ආරක්ෂාව ලබාගත හැකිබවයි.

එහිදී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

"මට මේවනවිට විරුද්ධවාදීන් බොරු චෝදනාවලින් මාව විනාශ කිරීමට කුමන්ත්‍රණය කරනවා. මම දැරියක් දූෂණය කළබවට ප්‍රචාරය කරනවා. නමුත් මා නිර්දෝෂ නිසා අධිකරණයෙන් මට සාධාරණය ඉටුකර දි තිබෙනවා. නඩුවක් අධිකරණයේ තිබෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නෑ. රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා පසුගිය දා දැරියට රුපියල් ලක්ෂ දෙකක අල්ලස් දී මාධ්‍ය ඉදිරියේ අක්මීමන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් රත්තරන්ට ඇප දුන්නේ කොහොමද කියා අසා තිබෙනවා. අධිකරණයේ නඩුවක් තිබියදී එහෙම ප්‍රශ්න කරන්නේ කොහොමද ?"

මේ පිළිබද පරීක්ෂණයක් පළාත් සභාවෙන් සිදුකරන ලෙස ඔහු සභාපති වරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒපිළිබද පාර්ලිමේන්තුවේ කතනායකතුමා දැනුවත් කරනබව සභාපතිවරයා දැනුම් දුන්නේය ඉන් අනතුරුව ඔහු සභා ගැබෙන් ඉවත්ව ගියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka