gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජ.වි.පෙ සහ ටී.එන්.ඒ පොදු එකඟතාවයකට !

දේශපාලනයේදී මතවාදීව එක්විය හැකි ක්‍ෂේත්‍ර හඳුනාගෙන එකට වැඩ කිරීමට දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පොදු එකඟතාවයක් ඇතිකරගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (11) ප්‍රකාශ කළේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග ජනතා විමුක්ති පෙරමුණ පවත්වන සාකච්ඡා මාලාව අනුව දෙමළ ජාතික සන්ධාන නායකයන් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවැත් වූ සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණි බවද අනුර දිසානායක මහතා අනාවරණය කළේ ය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සියලු දෙනා සාධාරණ ලෙස බලයට හවුල් කරගැනීම යන කාරණා ගැන මෙහිදී සාකච්ඡා වූ බවත් ප්‍රධාන යැයි කියන දේශපාලන ව්‍යාපාර දෙකම පිරිහී ගොස් ඇති පසුබිමක නව දේශපාලන ප්‍රවණතාවයක අවශ්‍යතාව ගැන දෙපක්ෂයේම නායකයන්ගේ අවධානය යොමු වූ බවද ජවිපෙ නායකයා අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණටත් දෙමළ ජාතික සන්ධානයටත් දේශපාලන පක්ෂ හැටියට ඇතැම් කරුණු ගැන මතභේද පැවැතිය ද මතවාදීව එක්විය හැකි තැන් ඇතැයිද දෙමළ ජාතික සන්ධානයද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මතවාදීව සහාය දැක්වීම යහපත් තත්ත්වයක් යැයිද ඒ මහතා පැවසීය.

ඒ අනුව රටේ දේශපාලනයේ නව දිශානතියකට ගෙනයන වැදගත් සාකච්ඡාවක් පැවැත්වීමට පක්ෂ දෙකටම හැකි වී යැයිද දිසානායක මහතා සඳහන් කළේය.

රටේ දේශපාලනය නිවැරැදි මාවතට ගැනීමට:

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කර සිටියේ අනුර දිසානායක මහතා මාධ්‍ය වෙත ලබා දුන් අදහස් තමන් අනුමත කරන බවය.

එමෙන්ම මීට පෙර බලය බෙදීම ගැන ජනපතිවරයා හා අගමැතිවරයා සමග පැවැත් වූ සාකච්ඡා ගැනද ජනතා විමුක්ති පෙරමුණ දැනුවත් කළේ යැයිද සම්බන්ධන් මහතා පෙන්වා දුන්නේය.

රටේ දේශපාලනය නිවැරැදි මාවතට ගැනීමට නම් ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය එක්ව වැඩ කළ යුතු යැයි කී සම්බන්ධන් මහතා එය ඉදිරි කාලයේදී නිසැකයෙන්ම සිදුවන්නේ යැයිද අවධාරණය කළේය.

පැයක පමණ කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක ආර්.සම්බන්ධන්, එම්. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෛකලනාදන්, ටී. සිද්ධාර්ථන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරු ද සහභාගී වී සිටියහ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka