gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයවැය ගැන ශ්‍රීලනිප තිරණය වෙනස් වූ හැටි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අයවැයේදී ඡන්දය දීමට නොපැමිණියේ තාක්ෂණික කරුණක් නිසා බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අය වැයට විරුද්ධව ඡන්දය දීමෙදී සිය නායකයා වන ජනාධිපතිගේ වැය ශිර්ෂයටද ඒමගින් විරුද්ධ වීමක් සිදුවන බැවින් ඔවුන් ඡන්දය දීමෙන් වැලකී සිටි බව ඔහු පෙන්වා දෙයි.
වාසුදේව නානායක්කාර මහතා එසේ පැවසුවද, 2001 වසරේ සිට 2003 දක්වා සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජනාධිපති සිටිය දී එජාප ආණ්ඩුව විසින් ඉදිරිපත් කල අයවැයට ශ්‍රීලනිප මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දී ඇත.

ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන පරිදි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පෙරේදා (12) දින අයවැයට ඡන්දය දීමෙන් වැළකී ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මතය.

අයවැයට විරුද්ධව මුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කළත් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම තීරණයට පිටුපාමින් තමන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය.

එසේම විධායක ජනපතිධුරය අහෝසිකිරීමට සිය පක්ෂය විරුද්ධ වුවත් තමන් පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෛත්‍රීගේ බලපෑම ගැන මහින්ද කනස්සල්ලෙන් :

කෙසේවුවද අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟව සිටි ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් මෙසේ ඡන්දය දීමෙන් වැළකී සිටීම කණගාටුවට කරුණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

ඔහු මේබව සඳහන් කලේ 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය නැරඹීම සඳහා ඊයේ (13) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙවර අයවැයේ සිදු වූ කණගාටුදායකම සිදුවීම වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ඡන්දය දීමෙන් වැළකී පිටව යාම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසිය.

මෙම අයවැය සම්මත වීමෙන් අනතුරුව ඉතාම භයානක තත්වයක් උද්ගත වනු ඇති බව පැවසූ විපක්ෂනායකවරයා එය ඉදිරියේදී රටේම ජනතාවගේ ඇඟට දැනෙනු ඇති බව ප්‍රකාශ කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka