gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්ජුන අතහැර හිරුණිකා කොළඹ එයි !

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ අද (08) පැවැති විවෘත කිරීමකට එක් වූ එම අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අමාත්‍යවරයා වේයන්ගොඩ දමා එම දුම්රියේ කොළඹ පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ. මන්ත්‍රීවරිය ඇමතිවරයා වේයන්ගොඩ දමා කොළඹ පැමිණ ඇත්තේ අමාත්‍යවරයා අදාළ දුම්රිය මැදිරියට නග්ගා ගැනීමට නොහැකි වූ බැවින් වන අතර ඒ අදාළ දුම්රිය මැදිරිය කාන්තාවන් සඳහාම වෙන්වූ එකක් වීම නිසාය.
අද ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව අද සිට කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාවක් විවෘත විය.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය.

කාර්යාලීය වේලාවන්හිදී ශ්‍රී ලංකා දුම්රිය සේවාව භාවිත කරන මගීන්ගෙන් සියයට පනහකට අධික ප්‍රමාණයක් කාන්තාවන් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය කළ සමීක්ෂණයකදී මේ වන විට හෙළිව ඇති බව පැවසේ.

එම සමීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ දුම්රිය මැදිරි තුළදී වයස් සීමාවන් නොතකා සියලුම කාන්තාවන් විවිධාකාරයේ මානසික සහ ශාරීරික පීඩාවන්ට ගොදුරු වන බවයි.

එම තත්ත්වය සහ කාන්තාවන් කළ ඉල්ලීම්ද සැලකිල්ලට ගෙන කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව ආරම්භ කිරීමට පියවර ගත් බව අද පැවැති උත්සවයේදී ප්‍රවාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

“අපි පාසල් යන කාලයේදී කාන්තාවන් සඳහාම වෙන් වූ දුම්රිය මැදිරි සේවාවේ යොදවා තිබුණා. නමුත් පසුකාලීනව එම මැදිරි සේවාව නැතිව ගියා. නමුත් දැන් නැවත වරක් බොහෝ අයගේ ඉල්ලීමක් තියෙනවා කාන්තාවන් සඳහාම වෙන්වූ මැදිරි සේවාවක් පවත්වාගෙන යන්න කියලා. ඒ අනුව තමයි අද අපි මේ සේවාව ආරම්භ කළේ. මේ මැදිරි සඳහා කාන්තා දුම්රිය ආරක්ෂක නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙනවා. නමුත් මම මෙතැනදී එක් දෙයක් අවධාරණය කරනවා. අපි කාන්තාවන්ට විශේෂයෙන්ම ගරු කරන ජාතියක්. රටක්. අපි අම්මට කියන්නේ ගෙදර බුදුන් කියලා. අපිට වගකීමක් තියෙනවා අපිට ජීවය දෙන කාන්තාව ආරක්ෂා කරන්න. ඒ වගකීම තමයි අද අපි මේ ඉටු කරන්නේ...”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි හඳුන්වා ‍දීමේ ව්‍යෘපෘතිය සිදුවන්නේ අදියර කිහිපයක් යටතේ වන අතර එහි පළමු පියවර යටතේ අද සිට කාර්යාල වේලාවන්හිදී ධාවන කෙරෙන දුම්රිය හතක් සඳහා එම මැදිරි එක් කර ඇත.

ඒ අනුව අලුයම පහට මාතරින් කොළඹටත් සවස 4.40ට කොළඹින් මාතරටත් ගමන් කරනා සාගරිකා දුම්රිය, අලුයම 04.20ට ගාල්ලෙන් කොළඹටත් පස්වරු 05.20ට කොළඹ කොටුවෙන් ගාල්ලටත් ගමන් කරනා සමුද්‍රදේවි දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාන්තා මැදිරි එක්කළ දුම්රිය වේ. පෙරවරු 04.45ට මහව දුම්රිය ස්ථානයෙන් කොළඔ කොටුව දක්වා ධාවනය ආරම්භ කෙරෙන මහව කාර්යාල දුම්රිය සඳහාද කන්තාවන් සඳහා වන දුම්රිය මැදිරියක් වෙන් කර ඇත.

මෙම දුම්රිය කොළඔ කොටුවෙන් පස්වරු 06.00 ට මහව දක්වා ගමන් කරනු ඇත.

පෙරවරු 04.30ට බංගදෙනිය - පුත්තලම සිට කොළඹ කොටුවටත් පස්වරු 05.14 ට කොළඔ කොටුවෙන් පුත්තලමටත් ධාවන කෙරෙන බංගදෙනිය දුම්රිය, පෙරවරු 05.57 ට රඹුක්කන සිට කොළඔ කොටුවටත් පෙරවරු 05.57 ට කොළඹ කොටුව සිට රඹුක්කනටත් ධාවන කෙරෙන රඹුක්කන දුම්රිය, පෙරවරු 05.25ට මීරිගමින් කොළඹ කොටුවටත් පස්වරු 05.25ට කොළඹ කොටුවෙන් මීරිගමටත් ධාවන වන මීරිගම දුම්රිය ද කාන්තාටම වෙන්වූ දුම්රිය මැදිරියක් තිබේ. 


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka