gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙතෙක් කලක් හෙළි නොකළ කරුණු ඉදිරි ජනාධිපතිවරණයේදී හෙළි කරනවා - හෙක්ටර් අප්පුහාමි

මෙතෙක් කලක් හෙළි නොකළ කරුණු බොහොමයක් ඉදිරි ජනාධිපතිවරණ සමයේදී හෙළි කළ පසු එජාප ජනාධිපති අපේක්ෂකයාව නියත වශයෙන්ම ඊළඟ ජනාධිපති ලෙස ජනතාව විසින් තෝරාපත් කරගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා රටටම බලාගත හැකි බවත් රටේම ජනතා ආකර්ෂණයක් සහිත එම අපේක්ෂකයා එජාපයේම අයකු වන බවත් ඒ මහතා කියාසිටියේය.
මේ සඳහා එක්සත් ජාතික පක්ෂයට එක්වී සිටින පක්ෂවලට අමතරව තවත් පක්ෂ සහ සංවිධාන ගණනාවක් එක්වන බවද ඒ අනුව නව පුළුල් සන්ධානයක් ගොඩනැඟෙන බවද හෙතෙම පැවැසීය.

නායකත්ව මණ්ඩලයක් යටතේ එම සන්ධානය ක්‍රියාත්මක වන බවද අප්පුහාමි මහතා කීය.

යහපාලන ආණ්ඩුව තුළ එජාපයට නිසි පරිදි ජනතා බලාපොරොත්තු ඉටුකරදීමට නොහැකිවුවද දින 52 කුමන්ත්‍රණය නිසා මේ රටේ ජනතාව සත්‍යය කුමක්දැයි තේරුම් ගත් බවද පැවැසීය.

ඒ අනුව තවත් වසර විස්සක් විසිපහක් එජාපය මේ රට පාලනය කර ජනතා අපේක්ෂා මල්පල ගන්වන බවද ඒ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැසීය.

ශිරාන් රණසිංහ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka