gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිසියට පහරදී හිරේ ගිය පොහොට්ටු ප්‍රාදේශීය සභාපති සභාවෙන් ඉවතට

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් නියම වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල් මහතා එම තනතුරින් සහ මන්ත්‍රීධුරයෙන් ඉවත් කර තිබේ.

තනතුරින් ඉවත් කිරීමේ ලිපිය ද ඔහු වෙත ලැබී ඇති බව සඳහන්.
සභාපතිවරයාට එරෙහිව පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් පසුගිය පෙබරවාරි 19 වනදා පැවති ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා රැස්වීමේදී පළවී තිබුණු අතර අවසානයේ සභාවට පොලිසිය ගෙන්වීමට ද ඔහු ක්‍රියාකර තිබිණි.

2013 මැයි 26 වනදා ඇඹිලිපිටිය, දඬුහැතැක්ම ප්‍රදේශයේදී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ අඩන්තේට්ටම් කිරීම යන චෝදනාවලට වැරදිකරු වූ සභාපතිවරයාට මාස තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ වසර පහකට අත්හිටවූ මාස 9ක සිරදඬුවමක් නියම වූයේ 2018 ජුලි 17 වනදාය.

එම්. කේ. අමිල් යනු මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකු සහ කුප්‍රකට මැරයකු වූ, ඝාතනයට ලක් වූ එම්. කේ. රංජිත් හෙවත් චණ්ඩි මල්ලී නම් දකුණු පළාත් සභා හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයෙකි. එසේම ඔහු පසුගිය වසරේදී කොස්වත්ත ප්‍රදේශයේදී බිරිඳ සමඟ එක්ව ගිනිඅවියක් පෙන්වා පෞද්ගලික බස් රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන්ගේ සොහොයුරා ද වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka