gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් මෛත්‍රීට රිටර්න් එක දුන්නා - ඩිලාන් පෙරේරා

නාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමේ ආණ්ඩුවේ කිසිදු සැලැස්මක් නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු යොදාගෙන අගමැතිවරයා නාටකයක් රඟ දැක්වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතාට යළි අගමැති ධූරය පැවරු අවස්ථාවේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ළඟ තබාගෙන කළ ප්‍රකාශයට වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ජන්ද විමසීමකින් තොරවම සම්මත කර දී එදා කළ දේට රිටර්න් එක දුන් බවයි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ.

අගමැතිවරයාගේ මෙම ලණුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ද හසු වූ අතර අයවැයට ජන්ද නොදී සිටින තත්ත්වයකට ඔවුන් පත් වූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළකළේ ඊයේ (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka