gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තරග දිනවන්න සූරයෙක් කියා ගෙන්වූ හතුරුසිංහ පුහුණුකරු ධුරයෙන් ඉවතට.. ලක්‍ෂ 80 වැටුපට සාධාරණයක් නැති බව ක‍්‍රීඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ දිනවල යෙදී සිටින දකුණු අප්‍රිකානු තරග සංචාරයෙන් පසුව චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලි සඳහා නවතම පුහුණුකරුවෙක් සහ කණ්ඩායම් කළමනාකරුවෙක්ද පත් කිරීමට ඉඩ තිබෙන බව එකී ආරංචිමාර්ග කියා සිටී.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල දිගින් දිගටම පරාජයන් වැඩි වශයෙන් ලබමින් සිටීමේ තත්වය වෙනස් කිරීම සඳහා අධික මිලක් ගෙවමින් හතුරුසිංහ ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්ත ද ඔහු  ප්‍රමාණවත් ප්‍රගතියක් නොපෙන්වීම හේතුවෙන් මෙම තීරණය ගනු ඇතැයි වාර්තාවේ.

චන්දික හතුරුසිංහ වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 80ක මුදලක් ගෙවමින් සිටින බවට ක්‍රීඩා ඇමතිවරයා ද පසුගියදා කියා සිටි අතර එතරම් මුදලක් ගෙවන්නේ නම් ඊට සාධාරණය කිරීමටද වගබලා ගත යුතු බවද ඔහු පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka