gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයවැය පරදවා මහ ඡන්දයකට සුදානමක් !

විපක්‍ෂයට සම්බන්ධ සියලූ පක්‍ෂ ඒකරාශී කරගෙන මෙවර අයවැය පරාජයට පත්කර මහ මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියි.

අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5.00 ටත් තෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 05 වැනිදා සවස 5.00 ටත් සිදුකිරීමට නියමිත අතර මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පවසා ඇත්තේ ඉදිරි අයවැය ඡන්ද විමසීමේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ‘දිවයින’ පුවත්පත කළ විමසීමකදීය.
මෙවර අයවැය පරාජය වන බව දෙමළ ජාතික සන්ධානය හොඳින් දැන සිටින බව පවසන රාජපක්‍ෂ මහතා, ඔවුන්ගෙන් ඇතැමකු එක්සත් ජාතික පක්‍ෂයේ හුරතලූන් වී රජය ආරක්‍ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවද කියා සිටියි.

දෙමළ පක්‍ෂ නායකයන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව රවටා ආණ්ඩුව සමග එකට කටයුතු කරන බව කියා සිටින මහින්ද රාජපක්‍ෂ මහතා, රජය එම දෙමළ පක්‍ෂවල සහාය ලබාගෙන අයවැය ජයග්‍රහණය කිරීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බවද පවසයි.

අවසන් තීරණයක් ගැනීමට සන්ධානය රැස්වේ 

මේ අතර අයවැය ඡන්ද විමසීමේදී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (12) පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී රැස්වීමට නියමිතය.

විපක්‍ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට සහභාගි වන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලූ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට දැනටමත් තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොතිබිණි.

මේ පිළිබඳව කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීම පිළිබඳවත් ජනාධිපති වැය ශීර්ෂය සම්මත කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡුාවට ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka