gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා - බැසිල් කියයි

මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තමන් සූදානම් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සූදානම් යයි පැවසීම ගැන තමන් සතුටට පත්වන බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

සති අන්ත රාවය පුවත්පත හා ඔහු අදහස් පල කර ඇත්තේ මෙසේය.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද?

අපේ රටේ ක්‍රමයයි වෙනත් රටවල ක්‍රමයි දෙකක්. ඇමරිකාවේ නම් පක්ෂය තුළ අපේක්ෂකයා වීමට අවුරුද්දක කාලයක් යනවා. ප්‍රයිමරිස් කියලා එංගලන්තේ වගේ ටවුන් හෝල් මීටින්ස් තියලා, ප්‍රශ්න අහලා, පක්ෂයේම කට්ටිය විවාද කරලා, අපේක්ෂකයා විවාදවලට සහභාගි වෙලා, ඒ දෙගොල්ල අතර, අපේක්ෂකයෝ අතර, විවාද කරලා තමයි පක්ෂයේ නාම යෝජනාවට අවස්ථාවක් ලැබෙන්නේ. හැබැයි ලංකාවේ එහෙම නෑ. අවසානය දක්වා ඒක රහසක් විදිහට තබා ගැනීම පක්ෂවල පුරුද්දක් වෙලා තියනවා.

සරත් ෆොන්සේකා මහත්තයා තරඟ වදින්නට මාසයකට ඉස්සෙල්ලා යුද හමුදාපතිවරයා වෙලා හිටියා. එයින් අස්වෙලා තරඟ වැදුණා. එතකන් කවුරුවත් ඒ අපේක්ෂකයා ගැන දන්නේ නෑ. ප්‍රේමදාස මහත්තයා නම් කළෙත් අවසන් මොහොතේ සම්මේලනයක් තියලා. ඒ වෙනකොට ලලිත් ඇතුලත්මුදලි එනවා… ගාමිණී දිසානායක එනවා… කියලා ලොකු රාවයන් තිබුණා. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කළෙත් “අනුර බණ්ඩාරනායක ද? මහින්ද රාජපක්ෂ ද?” කියලා ලොකු වාදයක් අවසන් මොහොත වෙනකම් ගිහින්. ඒ ලංකාවේ ක්‍රමය. ඒ නිසා ඒ අනුව සුදුස්සා එළියට ඒමත් සුදුසු කාලයක සිද්ධ විය යුතුයි කියන මතයේ පක්ෂ නායකත්වයේ හුඟ දෙනෙක් ඉන්නේ. තාම ඒ කාලය ඇවිල්ලා නෑ.

ඇමරිකානු පුරවැසියකුත් වන ඔබගේ මතයත් ඔය කියන පක්ෂ නායකයන්ගේ මතයමද?

ඒ මතය නෙවෙයි, මගේ තියෙන්නේ. ජනතාවට තමුන්ගේ නායකයා කවුද කියන එක තීරණය කරන්න කල් ඇතිවම අවස්ථාව, අයිතිය තියෙන්න ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය තුළ ඉස්සෙල්ලාම තෝරාගන්නේ පුද්ගලයෙක්. එහෙම වෙලාවට හදිසියේ පුද්ගලයෙක් ඉදිරිපත්වීමෙන් ජනතාව නොමඟ යන්න පුළුවන්. පහුගිය සැරේ වුණේ ඒකනේ. ඒ නිසා මම සන්තෝෂ වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමුන් ඉදිරිපත් වෙන්න සූදානම් කියන එක කලින්ම ජනතාවට දැනුම් දීපු එක ගැන. එතකොට එතුමාටත් ජනතාවගේ අදහස් ගන්න පුළුවන්. ජනතාවටත් ඔහු ගැන සලකා බලන්න පුළුවන්.

පොදු ජන පෙරමුණට ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තියාගන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කිසියම් හෝ එකඟතාවක් ඇති කරගැනීමට සිදුවෙනවා නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවට මේ වෙනකොටත් තීරණය කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. පොදු ජන පෙරමුණ යෝජනා කරන්නේ ගෝඨාභය නම් එහිදී යම් අවුල් සහගත බවක් මතුවෙනවා නේද?

මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේවල් අනුව ජනතාවත් සමහර විට ව්‍යාකූල වෙනවා වෙන්න පුළුවන්. අපේ පක්ෂය තුළ නම් එහෙම කිසිම අවුල් සහගත බවක් නෑ. අපි පැහැදිලිව දන්නවා මේකට සුදුස්සා කවුද කියලා. ඒ ගැන අපි බොහොම පැහැදිලි තැනක ඉන්නවා. අපේ ප්‍රතිපත්ති අනුගමනය කරන, ඒවා ක්‍රියාත්මක කරන්න සුදුසු ජනාධිපතිවරයෙක්, පාර්ලිමේන්තුවක්, පළාත් සභාවක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒත් එක එක පක්ෂවලට තම තමන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තියන අයිතියත් අපි පිළිගන්නවා.

සමහර විට පසුව ඒවා සාකච්ඡා කරලා එක්කහු වෙනවා විය හැකි වුවත්, තමන්ගේ අපේක්ෂකයාව ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පුළුවන්. සාහිත්‍ය සම්මාන දෙනකොටත්, නාට්‍යවලට සම්මාන දෙනකොටත්, හැම පොතක්ම, හැම නාට්‍යයක්ම තරඟයට යෝජනා කරන්න පුළුවන්. අන්තිමට තෝරලා එකකට තමයි සම්මානය ලැබෙන්නේ. ඒක ඉතිං බොහොම කල්පනාවෙන් ගත යුතු තීන්දුවක්. අපි මීට කලින් ගත්ත තීන්දු තීරණ පදනම් කරගෙන තීරණයක් ගැනීම අමාරු දෙයක් නෙවෙයි. ඒක අපි ඉස්සරහට තියාගමු. දැන්ම අවශ්‍ය වෙන එකක් නෑ ඒ ගැන පැහැදිලිව යමක් කියන්න.

– rawaya


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka