gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අකිලට වැඩ වරදින ලකුණු - ජනපති කොමිසමට පැමිණිල්ලක්

සුගිය වසර 4 තුළ රාජ්‍ය ආයනතවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධයෙන් පැමිණිලක් ද ලැබී ඇතැයි වාර්තා වේ.

එය යොමු කරනු ලැබ ඇත්තේ හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි.

සිසු දරුවන්ට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවූ සුරක්ෂා රක්ෂණාවරණය හරහා රුපියල් මිලියන 2300 ක් රාජ්‍ය මුදල් අවභාවිත කළ බව පැමිණිල්ලේ සඳහන්ව ඇත.

මීට අමතරව 2018 වසරේ මුද්‍රණය කළ පෙළ පොත් මිලියන 29 ක විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් පළ කිරීම සදහා රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට පැමිණිල්ලක් ද ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කොමිසමට යොමු කර තිබේ.

මේ අතර සාගර විශ්වවිද්‍යාලයේ උප කුලපති තිලක් ධර්මරත්න මහතා විශ්වවිද්‍යාලයේ සිදුකරන බව කියන මූල්‍ය වංචා සම්බන්ධ පැමිණිල්ලක් ද ඊයේ කොමිසම වෙත භාර දුන් බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.

ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අදාළ පැමිණිල්ල ගොනුකර තිබේ.

මේ වනවිට කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 522 කි. පැමිණිලි භාර ගැනීම ලබන 14 වන දා දක්වා සිදු කෙරේ.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යංශයට අයවැයෙන් දැන්වීම් දැමීමට මුදලක් වෙන් නොකර තිබියදී ඒ එම අමාත්‍යංශය රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත්වල දැන්වීම් දැමීම සම්බන්ධයෙන් අති විශාල මුදලක් වෙන් කර ඇති බවට අප වෙත තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අප ඉදිරියේදී තොරුතුරු හෙළිකිරීමට කටයුතු කරන්නෙමු.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka