gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන-ඇමරිකා සතුරන් කාලතුවක්කු ප‍්‍රහාරයක දුරින් ලංකාවේ ස්ථානගත වෙති.. ත්‍රිකුණාමල ඇමරිකා කදවුරට ආ ඔත්තු බලන අධි තාක්ෂණ හමුදා ගුවන් යානා මෙන්න - (video/Photo)

ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ගුවන් සැපයුම් මධ්‍යස්‌ථානයක් ස්‌ථාපිත කරන්නේ ත්‍රිකුණාමලයේ බව ඇමරිකානු සත්වැනි නාවික හමුදාවේ සන්නිවේදන විශේෂඥ ග්‍රාන්ට්‌ ග්‍රේසි විසින් මුල්වරට හෙළිකර ඇති බවත්, මේ සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට පසුගිය අගෝස්‌තු මස ඇන්කරෝඡ් නැව ත්‍රිකුණාමලය වරායට පැමිණ විමර්ශනයක යෙදී ඇති බවත්, මේ සැපයුම් මධ්‍යස්‌ථානය වෙතින් ඉන්දීය සාගරයේ යාත්‍රා කරන ඇමරිකානු යුද නැව්වලට සැපයුම් සේවාවන් ලබා දෙන අතර මෙවන් සැපයුම් මධ්‍යස්‌ථානයක්‌ මෙතෙක්‌ ඉන්දීය සාගරයේ වෙනත් රටවල ස්‌ථාපිත කර නැත.
එම පුවත 100% ක් සත්‍ය කරමින්, ඉදි කරමින් සිටින බවට වාර්තා වෙන හමුදා කඳවුර සඳහා ඇමරිකා එක්සත් ජනපදයට අයත්, ඔත්තු බැලීම් සඳහා භාවිතා කරන An E-2C Hawkeye වර්ගයේ අධි තාක්ෂණික ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ. එය ක‍ටුනායක ගුවන් තො‍ටුපොළේ ගොඩ බා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පිළිසකර කරන අයුරු එහි සිටි වාර්තාකරුවෙක් ඡායාරූප ගත කර සහ වීඩියෝ ගත කර ඇත. (ඡායාරූප පහතින්)

ඇමරිකා එක්සත් ජනපදයට ත්‍රිකුණාමලයේ එකී කඳවුර ඉදි කිරීමට අවසර ලබා දී ඇත්තේ ආණ්ඩුව විසිනි. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව මෙම හමුදා කඳවුර ඉදි කිරීමට ඇමරිකාවට ඉඩ දීමට සිදුව ඇත්තේ, වත්මන් ආණ්ඩුව විසින් ඇමරිකාවේ ප්‍රතිවාදියා වන චීනයට හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දිමත්, එහි ආරක්ෂාවත් චීනය ට භාර දීමත් නිසා කලාපයේ ආරක්ෂක සමතුලිතතාවය බිඳ වැටී ඇති බවට ජාත්‍යන්තරය ප්‍රජාව කරුණු දැක්වීම හේතුවෙනි. ත්‍රිකුණාමලයේ ඇමරිකා හමුදා කඳවුර ඉදි වීමෙන් පසුව, ත්‍රිකුණාමල වරායත් ඇමරිකාවට ලබා දීමට ඉඩ ඇති බව පැවසේ.

ත්‍රිකුණාමල ඇමරිකානු කඳවුරේ ගුවන් පථය ඉදි කිරීම තවමත් සම්පූර්ණයෙන් අවසන් කර නැති අතර, එහි වැඩ නිම වෙන තෙක් ඇමරිකානු හමුදා ගුවන් යානා ක‍ටුනායකට ගොඩ බානු ඇත. ලෝකයට සාපේක්ෂව ඉතාමත් කුඩා භූමි ප්‍රමාණයක් තුළ ඇමරිකානු සහ ඊට ප්‍රතිවාදී චීන ආරක්ෂක අංශය ක්‍රියාත්මක වීමෙන් දෙපාර්ශවය මුහුණට මුහුණලා අවි අමෝරා ගැනීම නිසා, දිවයිනකට කේන්ද්‍ර වූ ජාතියක් වන ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය බිහිසුණු විය හැකි බව ආරක්ෂක විශේෂඥයින් පවසා ඇත.

– සරත් පෙරේරා


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka