gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති වෙනුවෙන් පෙනී සිටින්නට පොහොට්ටු මන්ත්‍රීවරුන් පොරකයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනප්‍රියත්වය අතිශයින් ඉහළ ගොස් ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ පෙනී සිටිමින් කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොරකන ආකාරයක් ඊයේ (07) පාර්ලිමේන්තුව තුළ දැකගත හැකි විය.
ජනාධිපතිවරයා පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් කළ විවේචනවලට ඊයේ එම සභාවේ සභාපති කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නේය. එහිදී දිනේශ් ගුණවර්ධන, බන්ධුල ගුණවර්ධන වැනි පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයින් ජනාධිපතිවරයා වෙනුවෙන් පිළිතුරු දීමට තමන්ටත් අයිතියක් තිබෙන බවත් ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා විවාදයක් අවශ්‍ය බවත් කියමින් දැඩි ආවේගශීලී ලෙස කරුණු දක්වනු පෙණිනි. විශේෂයෙන් දිනේශ් ගුණවර්ධන මහතා අවධාරණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විවේචනය කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවය.

ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා පොහොට්ටු මන්ත්‍රීවරුන් සභාව තුළ ගෙනගිය අරගලය හේතුවෙන් අවසානයේ සභාව විනාඩි 10කට කල් තැබීමට ද සිදුවිය.

මෙම ප්‍රවණතාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර බිහිකිරීමට නියමිත නව සන්ධානයේ බලතුලනය සම්බන්ධයෙන් ද බලපෑම් කරනු ඇති බවයි දේශපාලන විශ්ලේකයින් පෙන්වා දෙන්නේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka