gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ සටන අතරේ රට ගැනත් බලන්න - ජනපති

මැතිවරණ වර්ෂයක් වන මෙම වසරේ දේශපාලනඥයන් තම තම මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර, රටක් ලෙස අප මෙම වසරේ ඉටුකරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (11) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමිනි.

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති ග‍්‍රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ‍්‍රිතව පොදු ජනතා සුබසිද්ධිය උදෙසා ආරම්භකර ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළ 2019 ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් මෙම හමුව කැඳවා තිබිණි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් සහ ආණ්ඩුකාරවරුන් මෙන්ම පළාත් සභාවල ප‍්‍රධාන අමාත්‍යවරු, සියලූ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප‍්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ ක්ෂේත‍්‍ර නියෝජනය කරන රාජ්‍ය නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.

මෙම පෙබරවාරි 18 වනදා සිට 24 වනදා දක්වා සතිය ග‍්‍රාමශක්ති ජාතික සතිය ලෙස ද ප‍්‍රකාශයට පත් කොට තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka