gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'මදුෂ් සමග අපේ පවුලේ කිසිවෙක් අත්අඩංගුවේ නැහැ' - ඔසඳ යාපා

මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිය පවුලේ කිසිවෙකු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

සිය පියාට සහ පවුලේ සාමාජිකයන්ට මඩ ගැසීමේ අරමුණින් ඇතැමුන් ඒ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවන බව ඔසඳ යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියි.
දකුණු පළාත් සභාවේ ඇමැතිවරයකු ව සිටි ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය කිරීමට අදාල ප්‍රධාන සැකකරුවකු ලෙස නම් කර සිටින මාකඳුරේ මදුෂ් නැමැත්තා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ සමීප හිතවතකු බවත් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සුදානම් වූ අවස්ථාවේදී රටින් පැනයාමට ආධාර අනුබල දුන්නේ ඔසඳ යාපා අබේවර්ධන මහතා බවත් සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණ.

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති පාතාල නායක මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගෙන ඇති රාජතාන්ත්‍රීක විදේශ ගමන් බලපත්‍රයක් සහිත පුද්ගලයා මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් යයි වාර්තා වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka