gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 9ක ආදායමෙන් ලක්ෂ 20ක වියදම් පියවමින් ව්‍යාපාර කරන හැටි නිරෝශන් කියයි

ලවතුගොඩ පිහිටි තම ව්‍යාපාරික ස්ථානයෙන් මසකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ නවයක පමණ ආදායමක් බවත් ණය වාරිකය ලෙස ලක්ෂ හතක්, ගොඩනැඟිලි කුලිය ලක්ෂ පහක්, වායුසමීකරණ ඇතුළු විදුලි බිල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සහ සේවක වැටුප් සමඟ තවත් වියදම් තමන්ට පියවීමට තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් ප්‍රේමරත්න මහතා පවසයි.
මෙම ව්‍යාපාරයෙන් ඇත්තටම තමන්ට පාඩුවන බවත් බැංකු ණය ගෙවන ආකාරයක් ගැන තමන් දැන් කල්පනා කරමින් සිටින බවත් පැවසූ ඒ මහතා තමන් ඉදිරියේදී කරන්නේ කුමක්ද යන්න පිළිබඳව බලා සිටින ලෙස තමන්ට මඩ ගසන පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම වියදම් පියවමින් ව්‍යාපාරය කරගෙන යන්නේ කෙසේද යන්න විමසූ විට ඒ මහතා පිළිතුරු දුන්නේ තම පවුලේ සියළු සහෝදරයින්ට දැන් වත්කම් සහ ව්‍යාපාර ඇති බවටයි. වෙළඳසැල් 48ක් තම සහෝදරයින් සතුව ඇති බව පැවසූ ඒ මහතා තලවතුගොඩ හංදියේ ද ඉන් එකක් ඇති බව පෙන්වා දුන්නේය.

කිඹුලාඇළ හංදියේ වඩේ විකුණන තම සහෝදරයා පිළිබඳ බොහෝ අය දන්නා බව සඳහන් කළ මන්ත්‍රීවරයා තමන්ගේ වැටුපට වඩා මුදල් ඔහු වඩේ විකිණීමෙන් උපයන බව ද ප්‍රකාශ කළේය.

තමන්ට ව්‍යාපාරය සඳහා මිතුරෙකු ලබා දුන් ඉඩමේ වටිනාකම රුපියල් මිලියන තිස් ගණනක් වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

නිරෝශන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (10) දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක් වෙමිනි.

මන්ත්‍රීවරයා මාකඳුරේ මධුෂ් නම් පාතාල නායකයාගේ මුදල්වලින් ව්‍යාපාර කරන බවට චෝදනා එල්ල වී තිබිණි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka