gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධුෂ් ලංකාවට ගෙනඒම ප්‍රශ්නයක් : මෙහෙයුම වුණේ ජනපති නිවසේ ?

පාතාල නායක මාකඳුරේ මධුෂ් සන්තකයේ තිබී හෂීස් සොයා ගැනීම හේතුවෙන් ඔහු ලංකාවට ගෙනඒම ප්‍රශ්නයක්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මධුෂ් ඇතුළු 25 දෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී හෂීස් ග්‍රෑම් 20ක් හසුවී ඇති බව පැවසේ.
එරට නීතිය අනුව අලෙවි කිරීමට තරම් ප්‍රමාණවත් මත්ද්‍රව්‍ය තබා ගැනීම මරණ දඬුවම ලබාදීමට හැකි වරදකි.

කෙසේවුවද, ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධුෂ් ඇතුළු පිරිස ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේවන විට රාජතාන්ත්‍රික මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙහෙයුමට ජනපතිත් හවුල් !

මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මකව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ අනුදැනුම ඇතිව බව ජනපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගිය (04) වැනිදා රාත්‍රී 8.30 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ජනපති මුණ ගැසීමට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී ඒ මහතාට මධූෂ් ඇතුළු පිරිස ඩුබායි හෝටලයේ සාදයට පැමිණ විනොදවෙමින් සිටින බව පොලිස් ඔත්තුකරුවන් දැනුම්දී තිබේ.

මේ කාරණාව ලතීෆ් මහතා ජනපතිවරයා වෙත සැලකර සිටිම් පවසා ඇත්තේ තම ඔත්තුකරුවන්ට අදාළ පිරිස අල්ලා ගත නොහැකි බවත් ඊට ඩුබායි පොලිස් සහය ලබාගතයුතු බවයි. ඒ අනුව ජනාධිපතිවරගේ උපදෙස් මත මධුෂ් හා පිරිස අල්ලා ගැනීමට ඩුබායි පොලිසිය දැනුවත් කර ඇත.

එසේම එහිදී මධුෂ් ඇතුළු පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට රාජතාන්ත්‍රිකව මැදිහත්වන ලෙස ද ලතීෆ් මහතා එහිදී ඉල්ලීමක් කර ඇති බව පැවසේ.

කෙසේවුවද, මේ සිද්ධිය හා කටයුතු ක්‍රියාත්මකවීමෙන් පසුව ඩුබායි පොලිසිය මොවුන් අල්ලාගෙන ඇත්තේ 05 වැනිදා හිමිදිරියේය. මේ මෙහෙයුමට රාජ්‍ය බුද්ධි අංශයද දායක වී ඇති බව වාර්තා වේ.

ලතීෆ් මහතා ජනපතිවරයා පැමිණීමට එහි යන විට හමුදාපති මහේෂ් සේනානායක මහතාද එහි සිට ඇති බවත්, ජනාධිපතිවරයා නිවසට පැමිණ ඇත්තේ ලතීෆ් මහතා පැමිණීමෙන් පසුව බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මධුෂ් හා කොටුවූ රාජතාන්ත්‍රික පාස්පෝට් හිමිකරු !

මධූෂ් සමග ඩුබායි හි හෝටලයකදී අත්අඩංගුවට පත් පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තෙකුද සිටින බව මේ අතර වාර්තා වේ.

ආරංචි මාර්ග උපුටා දක්වමින් කාලීජ් ටයිම්ස් පුවත්පත එය වාර්තා කර තිබේ.

මධුෂ් ඇතුලු සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් බලධාරීන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව එහි දැක්වේ.

කාලීජ් ටයිම්ස් වාර්තාවේ දැක්වෙන්නේ ඩුබායි පොලිසිය සහ ශ්‍රී ලංකා බළධාරීන් එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව දැක්වේ.

ඔවුන් සතුව තිබූ කොකේන් ඇතුලු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද එහි දක්වා තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka