gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මදුෂ් ඇතුළු පිරිස ආ මෝටර් රථ පරීක්ෂාවට !

ඩුබායි හි පොලිස් බාරයේ සිටින මදුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් පසුගිය දා ඩුබායි හෝටලයක පැවැති සාදයට සහභාගි වීම පිණිස එම හෝටලය වෙත පැමිණි සියලුම මෝටර් රථ ඩුබායි පොලිස් බාරයට ගෙනවිත් තිබූ අතර එම වාහන සියල්ලම ඊයේ(12) එරට විශේෂ පොලිස් කණ්ඩායමකගේ පරීක්ෂාවට ලක්කළ බව වාර්තා වෙයි.
මේ අතර මත්ද්‍රව්‍ය ශරීර ගත වී ඇති බවට සාදයේ සිටි පුද්ගලයන් දහඅට දෙනකුගේ රුධිර පරීක්ෂාවලින් තහවුරු වෙද්දි අමල් පෙරේරාගේ පුත් නදිමාල් ගේ රුධිර සාම්පල්වල මත්ද්‍රව්‍ය නැති බවට තහවුරු වී ඇති බව ඩුබායි පොලිසිය මඟින් ඔහු වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ඔවුන් වෙනුවෙන් පොනි සිටින නිතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.ඒ අනුව නදිමාල් පෙරේරා නිදහස් වී ඇති බවද කියයි.

මේ අතර මෙම සාදයට පැමිණ සිට පොලිසිය එම හෝටලය වටලන අවස්ථාවේ පළා ගිය පිරිස ඩුබායි හි සි.සි.ටි.වි කැමරා පද්ධති ඔස්සේ සොයා බලමින් පවතින බවද වාර්තා වෙයි. තවද අංගොඩ ලොක්කා කොටු කැර ගැනිමද මෙම සි.සි.ටි.වී කැමරා පද්ධති ඔස්සේ සොයා ගෙන තිබේ .අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට අංගොඩ ලොක්කා අබුඩාබි හි මෙවැනිම විශාල හෝටලයක සැග වී සිට ඇත. ඩුබායි රටේ සි.සි.ටි.වි කැමරා පද්ධතිය සමස්ථ රටම ආවරණය වන පරිදි එකම කැමරා පද්ධති ජාලයක් බව පැවසේ. එම නිසා එම කැමරා පද්ධති ජායාරුප මඟින් ඕනැම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සිදු කළ හැකි බව ද පැවසේ. ඒ අනුව මෙම සාදයට පැමිණ පළා ගොස් ඇති වාහන පරීක්ෂාවද මේ වන විට සිදු වෙමින් පවති මදුෂ් මෙම සාදයට පැමිණි අති සුඛෝපභෝගි වාහනය ඇතුළු වාහන විස්සක් පමණ මේ වන විට ඩුබායි පොලිසය යටතේ පවතින බවද කියැවේ.

පරීක්ෂණවලින් පසු මෙම සැකකරුවන් මහා අධිකරණයට ඉදිරිපත් කරනවාද නැද්ද යන්න තිරණය කරනු ලබන්නේ පොලිසිය සහ අධිිකරණය අතර කටයුතු සම්බන්ධයෙන් පෙනි සිටින කන්ටල්ටේෂන් ඔෆිසර් හෙවත් මෙහෙයුම් නිලධාරියා වෙයි. මෙම නිලධාරියා ඩුබායි රටේ විශේෂ තනතුරක් වන අතර එම පොලිසය යටතේ මාස ගණනක් හෝ රදවාගෙන ප්‍රශ්න කිරීම මෙම නිලධාරියාගේ තිරණය මත සිදු කළ හැකි වෙයි. තවද සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පොලිස් අධිකරණයක් පවතින බැවින් එම කටයුතු මෙහෙය වන්නේද එම contoltation officer නැමැති තනතුර දරණ නිලධාරිය වෙයි.

අමල් පෙරේරාගේ පුතා නිර්දෝෂි බවට තිරණය කර ඇත්තේද මෙම නිලධාරියා වෙයි .තවද මෙම නිලධාරියාට මෙම සැකකරුවන් මහා අධිකරණයට ඉදිරිපත් කැර එරට නීතිය අනුව දඩුවම් ලබා දෙනවාද නැතහොත් අදාළ රටේ නීතිය මත නිතිය ක්‍රියාත්මක කිරීමට එම රටට පිටුවහල් කරනවාද නැතහොත් නිදහස් කරනවාද යන්න තිරණය කරනු ඇත. එම අවස්ථාව අද හෙට හෝ ඉදිරි කෙටි දිනයක විමර්ශන අවසානයත් සමඟ සිදු වනු ඇති බවද වාර්තා වෙයි.

තවද මේ වන විට ඩුබායි මහා අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ 2017 වර්ෂයේ රට තුළ සිදු වු අපරාධ හා සම්බන්ධව සිදු වු පැමිණිලි වන අතර යම් ආකාරයකින් මෙම සැකකරුවන් හා සම්බන්ධව මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම තිරණය වුවහොත් තවත් වසර දෙකක කාලයක්වත් මෙම සැකකරුවන්ට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිමට සිදුවන බවද ජ්‍යෙෂ්ඨ නිතිඥවරයෙක් පැවසිය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka