gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධුෂ් ඩුබායිහිදීම එල්ලා මරවන්න මෙරට ප‍්‍රබලයෙක්ගෙන් සැලසුම්.. ගෙන ආවොත් පටි රෝල්වේ යයි බිය වේ !

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති ප‍්‍රබල පාතාල කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකදුරේ මධුෂ් මෙරටට ගෙන ඒම සදහා වන සැලසුමට මෙරට ප‍්‍රබලයෙක් විසින් බාධා කරමින් සිටින්නේ යයි වාර්තා පල වෙයි.
මධුෂ් මෙරට ගෙන ආවහොත් ඔහු විසින් කරනු ඇති හෙලිදරවු හේතුවෙන් තමනට දැඩි බලපෑමක් වේයයි අදහසින් මෙම ප‍්‍රබලයා දැනටමත් මාකදුරේ මධුෂ් මෙරටට ගෙන ඒමේ උත්සාහයට විරුද්දව සමාජ ජාලාවල කණ්ඩායම් යොදවමින් ඊට එරෙහි මත සාදමින් සිටින්නේ යයිද සදහන්ය.

මාකදුරේ මධුෂ්ට ඩුබායිහිදී මරණ දඩුවම දිය යුතු බවත් ලංකාවට ගෙන ආවහොත් නිදහස් වනු ඇති බවටත් දැනටමත් අදහස් පල වෙමින් තිබේ.

අත්අඩංගුවේ සිටින මධුෂ් මෙරටට ගෙන්වා ගැනීම සදහා දැනටමත් රාජතාන්ත‍්‍රික මට්ටමේ සාකච්චා ආරම්භ වී ඇතත් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් සදහන් කරන්නේ ඩුබායිහි නීතිය අනුව කටයුතු කිරීමෙන් පසු මිස මොවුන් ලංකාවට ගෙන්වා ගැනීම අසීරු වනු ඇති බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka