gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මදූෂ් ඇතුලු පාතාලය හෙල්ලූ මහ මොළකරුවන් සියලුදෙනා ඩුබායි සිර මැදිරියකට...! ඉදිරි මෙහෙයුම් සිදුවෙන හැටිත් කියයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව ඇති අතර මේ වන විට අත්අඩංගුවට ගත් පිරිස ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටිනවා.
එසේම මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය අද දිනයේ  ඩුබායි මාධ්‍යයන්හි ප්‍රම්‍රඛ පුවත බවටද පත්ව තිබෙනවා. ඒ අනුව එහි දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු සිය රටේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මධූෂ් ඇතුළු අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී  මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් සොයාගෙන තිබූ බව ඩුබායි මාධ්‍ය වාර්තා කර තිබූ අතර ශ‍්‍රී ලංකා සහ ඩුබායි බලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදු කළ බවත් ඉදිරි පරීක්ෂණ ද දෙරටේ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බවත් එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වනවා.

මාකඳුරේ මදූෂ් කොටුකර ගැනීම වෙනුවෙන් දියත් කළ මෙම මෙහෙයුමේදී  තවත් සංවිධානාත්මක අපරාධකරුවන් රැසක්ම අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුනා. ඒ අතරට හෙරොයින් සහ සංවිධානාත්මක අපරාධ කි‍්‍රයාවලට සම්බන්ධ කෙසෙල්වත්තේ දිනුක, වැලිගම සුද්දා සහ කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක්ද අයත්.

මෙරට අපරාධ රැසකට සම්බන්ධ මාකඳුරේ මදූෂ් නැමැත්තා කලක් තිස්සේ ඩුබායිහි සැඟවී සිටින බවට තොරතුරු ලැබුණු අතර ඔහු කලූ තුෂාර නැමැති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ බිරිඳ සමග එහි ඩුබායිහි වාසය කර තිබූ බවයි වාර්තා වුනේ.

මීට අමතරව තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ද අදාළ සාදයට පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වුනා. කෙසේ නමුත් සාදය පැවති ස්ථානයෙන් පිටත සිට ඇති ඔහු වැටලීම සිදුවනු දැක හෝටල් පරිශ‍්‍රයෙන් පලා ගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුනේ.

මීට අමතරව ජනපි‍්‍රය ගායන ශිල්පී අමල් පෙරේරා ද ටෙලි නාට්‍ය නළුවෙකු ද ඔවුන් සමග සිටියදී අත්අඩංගුවට ගැනුණා. මෙම පිරිස සතුව මත්ද්‍රව්‍ය තිබූ බවටද තොරතුරු වාර්තා වුනා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka