එම පිරිස හෙට දිනයේ ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
මාකදුරේ මඳූෂ් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ මුදාහැර තිබෙනවා. ඔවුන්ගේ ශරීරයේ මත්ද්‍රව්‍ය අඩංගු වී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ. නිදහස් වු පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා. ඉකුත්දා ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මෙම පිරිස අතර ගායන ශිල්පි අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රොයන් ද වනවා.
මේ අතර මාකඳුරේ මඳූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනෙකුගේ නිවෙස් පොලීසිය මගින් ඊයේ පරීක්ෂාවට ලක් කළා. ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින අවිශ්ක කවිශාන් නොහොත් ‘‘ජංගා’’ නමැත්තාගේ ගන්දර පිහිටි නිවසේ කළ සෝදිසි මෙහෙයුමකදී ටී 56 උණ්ඩ 26ක්, යුද හමුදා නිල ඇඳුම් 18ක් සහ හිස් උණ්ඩ කොපු 30ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. ‘‘ජංගා’’ නමැත්තාගේ පියාගේ සොහොයුරෙක් ද පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැණුනා.
