gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයිස් කියන්නෙ ටැබ්ලට් එකක්. කටුගස්තොට ෆාමසිවලත් තියෙනවා - මෛත්‍රී

හනුවර කටුගස්තොට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාම දරුණු තත්වයකට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

අයිස් නමැති මත්ද්‍රව්‍ය කටුගස්තොට ෆාමසිවලින් ද මිලදී ගැනීමට හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
"අද කියනවා අයිස් කියලා එකක් තියනවා. පොඩි ටැබ්ලට් එකක් ගන්න. රුපියල් 50යි ටැබ්ලට් එකක්. ඒ වගේ එක එක ජාතියේ වෛවාරණ මත්ද්‍රව්‍ය දැන් ඇවිල්ලා තියෙනවා. කටුගස්තොට ෆාමසිවලින් තමයි මේ අයිස් කියන එක විකුණන්නේ" යනුවෙන් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

මේ හේතුව නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියට හසුකර දීම පිණිස කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් එක්ව රුපියල් ලක්ෂ 150ක වියදමින් ආරක්ෂිත කැමරා පද්ධතියක් නගරයේ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා පැවසීය.

මෛත්‍රී ගුණරත්න මහතා මේ බව පැවසුවේ හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

කෙසේවෙතත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නම් ආණ්ඩුකාරවරයාට කවුරුන් හෝ ඉතාම වැරදි තොරතුරු ලබාදී ඇති බවයි මෙම ප්‍රකාශය හරහා පෙනී යන්නේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka