පාතාල ක්‍රියාකාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන මාකඳුරේ මදූෂ් ඇතුලූ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් අද (10) එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව නිල නොලත් ආරංචි මාර්ග පවසා සිටී.
ඩුබායිහි සුපිරි හෝටලයක පැවැති සාදයකදී මදූෂ් ඇතුළු 31දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර තවත් සැකකරුවන් 14දෙනෙකු එම හෝටලයෙන් පිටතදී අත්අඩංගුවට ගෙන තිබිණ.
කෙසේවුවද ඩුබායිහිදී පසුගිය 5 වැනිදා අත්අඩංගුවට ගනු ලැබු මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ලංකාව අතර දැනට තිබෙන බලාත්මක රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් අනුව ගෙන්වා ගත නොහැකි බව වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ, ශ්‍රි ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දැනට උදර්පණ ගිවිසුමක් බලාත්මක නොවීමයි.
මේ අතර දැනගන්නට ලැබෙන්නේ ශ්‍රි ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දැනට ක්‍රියාත්මක ගිවිසුමක සිරකරුවන් සහ අපරාධ සැකකරුවන් හුවමාරු කරගැනීම, පිටුවහල් කිරීම පිළිබඳව වගන්තියක් ඇතත් එය බලාත්මක වීම සඳහා ලංකාව පාර්ශවයෙන් සැපිරිය යුතු නීතිමය තත්ත්වයන් සපුරා නැති නිසා ඒ හරහාද මෙම පාතාල නායකයා ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි බවය.
මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම පිළිබඳව පසුගිය 6 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ප්‍රථමව එරටේ නීතියට අනුකූලව එම රට අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇති බවය.
මදූෂ් ඇතුළු පිරිස අද අධිකරණයට !
2019-02-10T09:00:00+05:30
Lanka Hot News