gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිකම් වැඩිකරන්න විතරක් නම් අපේ සහාය නෑ - සුමන්දිරන්

මාත්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව වැඩිකිරීම සඳහා මීට පෙරත් යෝජනාවක් පැමිණි අවස්ථාවේදී තම පක්ෂය ඊට විරුද්ධ වූ බවත් මෙවරත් ජාතික ආණ්ඩු යෝජනාව ගෙන එන්නේ අමාත්‍යධුර සංඛ්‍යාව වැඩිකරගැනීමට පමණක් නම් තමන්ගේ සහාය ඊට නොලැබෙන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.
එහෙත් රටට ජාතික ආණ්ඩුවක් අවශ්‍යය යන්න තම පක්ෂයේ ස්ථාවරය බවත් ඒ මහතා අවධාරණය කළේය.

ප්‍රධාන පක්ෂ දෙකම එක්ව සිටින අවස්ථාවක පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සිදුකළ හැකි බව පෙන්වා දුන් ඒ මහතා එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහභාගීත්වයෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කෙරෙන්නේ නම් තමන් ඊට එරෙහි නොවන බව ද ප්‍රකාශ කළේය.

එසේ නොමැතිව මෙවර ජාතික ආණ්ඩු යෝජනාව ගෙන එන්නේ හුදෙක් ඇමතිධුර වැඩිකරගැනීමේ අරමුණින් පමණක් නම් මීට පෙර කළ ආකාරයෙන්ම තමන් ඊට විරුද්ධ වන බව මන්ත්‍රීවරයා සදහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka