gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

71 වසරක් ආණ්ඩු කළ ශ්‍රීලනිපයට-එජාපයට රට හදන්න බැරි වුණා – 65 පැනපු හැමෝම දේශපාලනයෙන් ඉවත් විය යුතුයි - කුමාර වෙල්ගම

වුරුදු 65 පැන්නට පසු දේශපාලනඥයෝ විශ්‍රාම ගත යුතුයි. මමත් ඉන්නේ අවුරුදු 65 පැනපු ලැයිස්තුවේ. මේ රටේ දේශපාලනයට තරුණයන්ට තැන දිය යුතුයි. රට දියුණු කළ හැක්කේ තරුණ තරුණියන්ට තැන දීමෙන් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. පසුගියදා කළුතර දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකදි ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති කුමාර වෙල්ගම මහතා…

“අවුරුදු 71ක් මේ රට පාලනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් දෙකයි. නමුත් මේ රට දියුණු වෙලා තියෙනවාද? මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කාලෙ සංවර්ධනය කළ එකත් ඇත්ත. ඩී.එස්. සේනානායක මහත්තයාගෙ කාලේ ජනපද පිහිටවපු එකත් ඇත්ත. නමුත් ලෝකේ අනෙක් රටවල් සමඟ බලනකොට අපි තවම ඉන්නෙ ඉතාම දිළිඳු තැනකයි.

මේ රටේ ඉදිරි මැතිවරණවලදී කාන්තාවන්ට සුවිශාල මෙහෙවරක් ඉටුකළ හැකියි. මොකද ඡන්දය දෙන නොදෙන එක තීරණය කරන්නෙ කාන්තාවනුයි. 1965 – 70 කාලයෙදි ඩඩ්ලි සේනානායක මහතාව ගෙදර යැව්වේ කාන්තාවොයි.

දැන් කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතු කාලය උදාවෙලා තියෙනවා. දේශපාලනඥයෝ පත් කරන්න නෙවෙයි රට වෙනුවෙන් තීරණ තීන්දු ගැනීමට පෙරට පැමිණිය යුතුයි. රට හරි තැනට ගේන්න කටයුතු කළ යුතුයි.

මේ ආණ්ඩුව ඇවිත් දැන් අවුරුදු හතරක් ඉවරයි. මොනවද කරලා තියෙන්නේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු හතරක් යනතුරු කිසි දෙයක් කළේ නැහැ. නමුත් මේ මෑත කාලයේදී ජනාධිපතිතුමා බොහෝම හොඳින් වැඩ කරන්න පටන් ගෙන තියෙනවා.

පාතාලය හුඟක් විනාශ කරගෙන යනවා. ඒක හොඳ දෙයක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට මම විරුද්ධ වුණා. ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වැඩ පටන්ගෙන තියෙනවා.

කොන්ද පණ තියෙන පාලකයෙක් අපට අවශ්‍යයි. මේ රටේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. ජනතාවට ආදරය කරන එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා විතරයි.

මහින්ද රාජපක්ෂ මහතාට හැර වෙල්ගම වෙන කාටවත් කඩේ යන්නෙ නැහැ. කවුරු කැමැති වුණත් අකැමැති වුණත් ඒ මගේ නායකයායි.”


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka