gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 30 ක් අල්ලස් ගත් කළුතර හිටපු සභාපති වසර 5 ක් හිරේ !

ල්ලස් චෝදනාවකට වැරදිකරු වූ කළුතර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ලක්ෂ්මන් විදානපතිරණ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (07 වැනිදා) බරපතළ වැඩ සහිතව වසර 05 ක සිරදඬුවමක් නියම කළේය.
කළුතර ප‍්‍රදේශයේ පිවිසුමක් නැති ඉඩමකට කුඹුරක් හරහා පාරක් සකස් කර දීමට රුපියල් ලක්ෂ 30 ක් ඉල්ලා එම මුදල ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන මෙම නඩුව පවරා තිබිණි.

මහාධිකරණය හමුවේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව අල්ලසක් ඉල්ලීම සහ අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා 04 කට විත්තිකරු වැරදිකරු බවට තීන්දු කරන ලදී.

එක් චෝදනාවකට වසර 05 බැගින් වසර 20 ක සිරදඬුවමක් වසර 5 කින් ගෙවී යන පරිදි විත්තිකරුට නියම කළ අතර ඊට අමතරව රුපියල් 5000 බැගින් රුපියල් 20,000/- ක දඩයක් ද, රුපියල් ලක්ෂ 20 ක වන්දියක් පැමිණිලිකරුට ගෙවීමට ද නියම කෙරිණි.

විත්තිකරු පැමිණිලිකරුගෙන් අල්ලස් ලබා ගෙන තිබුණේ 2012 වසරේදීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka