gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්ටේරා බුද්ධිකට නඩු නොදා පිටුගණන් ඇඩ් දමයි

ෆොන්ටේරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් සහ ඩයමන් මිල්ක් ප්‍රඩක්ට්ස් යන ආයතන එක්ව ආනයනික කිරිපිටි සුරක්ෂිත සහ එළවළු තෙල් හෝ වෙනත් මේද වර්ග සමග අපමිශ්‍රණය කර නොමැති බවට දිනපතා පුවත්පත්වල පිටු ගණන් වෙළඳ දැන්වීම් යොදා තිබේ.
අදාළ දැන්වීමේ සටහන්ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2019 පෙබරවාරි 07 වැනිදා නිකුත් කළ ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර විද්‍යාගාරය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මන්ඩලය හා කාර්මික තාක්ෂණ ආතනවල නිගමනවලට යටත්ව ආනයනික කිරිපිටි සුරක්ෂිත බවයි.

මෙම දැන්වීම සියලුම පුවත්පත්වලට සැපයීම සිදුකර ඇත්තේ ෆොන්ටේරා සමාගමේ දැන්වීම් කළමානාකරණය කරනු ලබන ග්‍රාන්ට්ස් දැන්වීම් සමාගම විසිනි.

අදාළ දැන්වීම පහත දැක්වෙන අතර ෆොන්ටේරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් සහ ඩයමන් මිල්ක් ප්‍රඩක්ට්ස් යන ආයතනවල වෙළෙඳ අරමුණ සඳහා ප්‍රචාරයදීම වැලැක්වීමට එහි අන්තර්ගත ප්‍රදර්ශනය නොකරන ලද බව කරුණාවෙන් සලකන්න.

මෙසේ 07 වැනිදා නිකුත් කළ ප්‍රකාශයක ආනයනික කිරිපිටි සුරක්ෂිත සහ එළවළු තෙල් හෝ වෙනත් මේද වර්ග සමග අපමිශ්‍රණය කර නොමැති බවට දැන්වීම් යොදා තිබියදී කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඊයේ (12) මාධ්‍යවෙත කියා සිටින්නේ රටට ගෙන්වන මෙම කිරිපිටිවල ප්‍රශ්නයක් ඇති බවයි.

ඔහු එයට උදාහරණ සපයමින් කියා සිටින්නේ පාර්ලිමේන්තුවට කිරිපිටි නොගෙන දියර කිරි ගෙනඒමට තීන්දු කිරීම තුළින් එය ඔප්පු වන බවයි.

පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට අභියෝගකරමින් විමසා සිටින්නේ, මේ කිරිපිටි හොඳ බව කියන්නේ කුමන පදනමක් මත යන්න හෙළිකරණ ලෙසයි. එසේම පසුගිය වසර 5ක පමණ කාලයක් තුළ සිදුකරන ලද පරීක්ෂණ වාර්තා හුදු පුවත්පත් නිවේදන නිකුත් කිරීමකින් තොරව ඒ සියල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසද ඉල්ලීමක් කරයි.

එසේම මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව කිරිපිටි නිසා ලෙඩ රෝග 21ක් සෑදීමේ අවදානමක් ඇති බවට පුවත්පත් දැන්වීම් නිකුත් කළේ මන්දැයි අමාත්‍යවරයා විමසා සිටී.

එසේම ආනයනික කිරිපිටි සමාගම් නිෂ්පාදනය කරනු ලබන යෝගට්, අයිස්ක්‍රීම්, ෆෙරෙෂ් මිල්ක් ලෙස නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් හා මීකිරි වැනි ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද සැක මතුව ඇති බවත්, ඒවා නිෂ්පාදනය කරනු ලබන්නේද ආනයනික පිටි දියකර දැයි සැකයක් ඇතැයි ද හෙතෙම පැවසීය.

මේ අතර, මේ සම්බන්ධ මධ්‍යස්ථ විචාරකයින් කියා සිටින්නේ ආනයනික කිරිපිටි සුරක්ෂිත සහ එළවළු තෙල් හෝ වෙනත් මේද වර්ග සමග අපමිශ්‍රණය කර නොමැති බවට තහවුරු කර ඇත්නම් අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර නොගෙනසිටීම සැක සහිත බවයි.

මේ අතර, නවසීන්ත කිරිපිටි සහ තවත් තොරතුරු මේවන විට හෙළිවෙමින් පවතින අතර ඒවා අප ඉදිරියේදී හෙළි කිරීමට කටයුතු කරන්නෙමු.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka