gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගෙන් ලකුණු දාගන්න ගිහින් දයාසිරි ඇන ගනී !

ත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණ දඬුවම් නියම වී සිටින පුද්ගලයින්ගේ ලේඛන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම්ව සිටියදී ඇතැමුන් ඊට බාධා කරන බවටත් ඇතැම් ලේඛන අතුරුදන් වී ඇති බවටත් චෝදනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"48 දෙනෙක් තමයි එල්ලා මරන්න නියම කරලා තිබ්බෙ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන්. ඒ 48න් 30ක් අභියාචනා දාලා තියනවා. එතකොට 18 දෙනෙකුගේ ලැයිස්තුවක් විතරයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්වෙ තිබුණේ. ඒ නම් ලැයිස්තුවම අපි ජනාධිපති ලේකම් කාර්යාලයට යවලා තිබුණෙ ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ" යනුවෙන් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මීට මැදිහත් වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා මේ පිළිබඳ නිර්දේශ යළි එවා නොමැතිදැයි විමසා සිටි අතර තලතා අතුකෝරාළ මහත්මිය ඊට පිළිතුරු දෙමින් පැවසුවේ එසේ එවා නොමැති බවයි.

අමාත්‍යවරියගේ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සැබෑ අවශ්‍යතාවක් තිබිණි නම් පසුගිය මාස හතර තුළදීම එය කිරීමේ හැකියාව පැවති බවත් ලේඛන අතුරුදන් වී ඇති බවට කරන ලද ප්‍රකාශ අසත්‍ය බවත්ය. නැතහොත් දේශපාලන වේදිකාවල පවසන ආකාරයෙන් කිසිවකු එල්ලා මැරීමට වුවමනාවක් හෝ හදිසියක් ජනාධිපතිවරයාට නොමැති බවය. එහෙයින් දයාසිරි ජයසේකර මහතා අතින් සිදුව ඇත්තේ බෝලය යළි ජනාධිපතිවරයා වෙතම පෙරළා දීමකි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෑතකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ලෙස පත් කෙරුණු දයාසිරි ජයසේකර මහතා ජනාධිපති වෙනුවෙන් ලකුණු රැස්කිරීමට හෝ ජනාධිපතිගෙන් ලකුණු දා ගැනීමට ගොස් ඇනගෙන ඇති බව පෙනේ.

-lankanewsweb


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka