gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ‘ලංකාදීප’ පුවත්පතට ප්‍රකාශකර ඇත.
ජනාධිති මෛත්‍රිපාල සිරිසේන මහතා රට පාලනය කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් යැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළ ආකාරයෙන් එය හොඳින්ම පැහැදිලි වන්නේ යැයි ද ලාල්කාන්ත මහතා ‘ලංකාදීප’ සඳුඳා හමුව දේශපාලන සාකච්ඡාවට අදහස් දක්වමින් කියා ඇත.

රටේ නීතියේ පාලනය පිහිටුවීමට නම් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි පවසන හෙතෙම ඒ සඳහා දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු යැයි ද පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්වීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු වරට කඩ කළ බවට සහතික වී යැයි ද හරි නම් ඒ දිනයේම ජනාධිපතිවරයා ගෞරවාන්විතව අස්විය යුතුව තිබුණේ යැයි ද ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

මේ වනවිට මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝණය කළ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා එහි ප්‍රමුඛ ප්‍රකාශකයකු වී ඇතැයි ද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සුළු පක්ෂවල සහයක් නැහැ :

කෙසේවුවද ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වුවද ඊට කිසිඳු ආකාරයකින් සහය නොදීමට දෙමල හා මුස්ලිම් පක්ෂ දැනටමත් තීරණය කර තිබේ.

පසුගිය ඔක්තෝම්බර් මස 26 දා ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත්කරමින් සිදුකල ආණ්ඩු පෙරලිය යලි ආපසු හැරවීමේ මෙහෙයුමේදී සුවිශාල කාර්ය භාරයක් ඉටුකළ දෙමල හා මුස්ලිම් පක්ෂ, කිසිඳු අවස්ථාවක ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහයක් ලබා නොදෙන බවට සහතික වී තිබිණ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka