gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාපෙ ඔටුන්න හිමි කුමරා විමුක්ති කුමාරතුංග..? සජිත්, රවී, නවීන් විසි වෙයි.. චන්ද්‍රිකාගේ කූට සැලසුම් එළියට !

හිටපු ජනාධිපතිනි චන්ද්‍රික කුමාරතුංග මහත්මියගේ දේශපාලන යටි අරමුණ සහ න්‍යාය පත්‍රය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය ඇල්ලීම නොව එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණේ බලය ඇල්ලීම යැයි එම පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරු  හෙළි කර සිටියහ.
එක්සත් ජාතික පෙරමුණේ බලය අල්ලා ඇය කිරීමට යන්නේ එම පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයෙන් සිය පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලන කරළියට ගෙන ඒම යැයි පෙන්වා දුන් එම පසු පෙළ මන්ත්‍රීවරු ඇයගේ මේ දේශපාලන කූට උපක්‍රමය,සෙල්ලම සහ කුමන්ත්‍රණය පරාජය නොකළහොත් එක්සත් ජාතික පක්ෂයත්,එහි අනාගත නායකයින් වන සජිත් ප්‍රේමදාස,නවීන් දිසානානයක සහ රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු සියලු දෙනා සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇතැයි ද අනතුරු ඇඟ වූහ.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ කුමන්ත්‍රණය දියත් කරන්නේ මලික් සමරවික්‍රම,මංගල සමරවීර සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් සමග එක්ව බවට ද එම මන්ත්‍රීවරු චෝදනා කර සිටිති.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු හෙළිදරව් කරමින් එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරු මෙසේ ද පැවසූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් එක්ක හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාට අවශ්‍ය පරිදි මෙහෙයවීමට හෝ එම පක්ෂයේ බලය අල්ලා ගෙන ඇයගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලන කරළියට ගෙන එන්න නොහැකි වුණා.

සිය දේශපාලන අරමුණ ඉටු කර ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පෙරමුණ දෙසට හැරුණේ මේ පසුබිම යටතේයි.චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ මංගල සමරවීර මහතාට හෝ දුමින්ද දිසානායක මහතා ප්‍රධාන කණ්ඩායමට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි යන්න හැකියාවක් නොමැති අතර මේ අයව එම පක්ෂයෙන් ගන්නේත් නැහැ.ඒ අනුව මේ කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ක දේශපාලන අනාගතයක් ඇත්තේ නැහැ.

මේ පසු බිම යටතේ චන්ද්‍රික කුමාරතුංග මහත්මිය දුමින්ද දිසානායක ඇතුළු දහයත් පහළොවත් අතර පිරිසක් එක්ක එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධවීමට උත්සහ දරන්නේ අපේ පක්ෂයට හෝ අපට තිබෙන ආදරයකට නොව ඒ අයට යන්න එන්න තැනක් නොමැති නිසයි.

මේ අය උත්සහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු බාහිර බලවේග නියෝජනය කරන බහුතරයක් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට රිංගවා ඒ අයට කැබිනට් ඇමති ධූර,සංවිධායක ධූර සහ එම පෙරමුණේ තනතුරු ඇතුළු සියල්ල ලබා ගෙන ඒ අයගේ බලය තහවුරු කර ගනිමින් ඒ අයගේ න්‍යාය පත්‍රයට අනුව අපේ පක්ෂය මෙහෙය වීමටයි. ජාතික හෙළ උරුමයේ මහා ලේකම් පාඨලී චම්පික කියන්නෙත් මේ අය වගේම යන්න එන්න තැනක් නොමැති පුද්ගලයෙකු බව කිව යුතුයි.

මේ කණ්ඩායමේ සැඟ වුණු දේශපාලන න්‍යාය පත්‍රය වී තිබෙන්නේ “එකසත් ජාතික පක්ෂය”, “අලියා” ලකුණ සහ “කොළ පාට” කියන අපේ අන්‍යතාවය අපට අහිමි කර “පොදු නාමයක්”, “පොදු ලකුණක්” සහ “පුළුල් සන්ධානයක්” කියන ඊනියා දේශපාලන සටන් පාඨයන්ට මුවා වී ඒ අයට අපුලක් සහ අවුලක් නොමැතිව ලගින්න පුළුවන් ස්ථානයක,එසේත් නොමැති නම් අම්බලමක් නොඑසේ නම් වේදිකාවක් බවට එක්සත් ජාතික පෙරමුණ පත් කර ගැනීමයි.

ඒ අනුව මේ ක්‍රියාදාමය සරළව හැඳින්වීමට අපට සිදු වන්නේ නකුට මගින් බල්ලා වැනීම හෝ කපුටාගේ කුඩුවේ කොහා බිත්තර දැමීම ලෙසයි.

පාඨලී චම්පික රණවකගේ,මංගල සමරවීරගේ,ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ,චන්ද්‍රික කුමාරතුංගගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලා ජය ගත නොහැකි දුමින්ද දිසානායක ප්‍රධාන කණ්ඩායමේ පුද්ගලික දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අප අපේ පක්ෂයේ නම,ලකුණ සහ පාට පවා දිය යුතු ද..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන වශයෙන් හතර ගාතයෙන් වැටී සිටින මොහොතක එක්සත් ජාතික පක්ෂය ලෙස අපට සියලු දෙනා අපේ සෙවන යටතේ එකට ඒකරාශී කර ගෙන අපේ අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් නැගී සිටීමට නොහැකි නම් එහි ප්‍රශ්නය තිබෙන්නේ පක්ෂයේ හෝ පාක්ෂිකයාගේ නොව නායකයාගෙයි.

මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙය වමින් සිටින්නේ චන්ද්‍රිකා කුමාරතුංග,මංගල සමරවීර සහ මලික් සමරවික්‍රමයි.මලික් සමරවික්‍රම කියන්නේ වාසි අතට හෝයියා කියන,අසූචි ගොඩේ තිබෙන සතයත් දිවෙන් ගන්නා ජාතියේ පිරිහුණු සහ එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කළ පුද්ගලයෙකු වන අතර ඔහු දන්නා දේශපාලනයක් ඇත්තේ නැහැ.

මේ අනුව එක්සත් ජාතික පක්ෂයත්,නායකයාත්,පක්ෂයේ ලකුණත් රැක ගෙන අපේ දේශපාලන අනන්‍යතාවය,පදනම සහ පසු බිම ආරක්ෂා කර ගනිමින් විජයග්‍රහණය කරා යාම සඳහා සියලු පාක්ෂිකයින් පෙරට ආ යුතුයි.

මේ චන්ද්‍රිකා කුමාරතුංගලා,මංගල සමරවීරලා,දොස්තර රාජිත සේනාරත්නලා,පාඨලී චම්පිකලා,ජයම්පති වික්‍රමරත්නලා ඇතුළු කණඩායම් එදා කිව්ව දේ අසා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු ලකුණකින් සහ පොදු නමකින් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය ඉදරිපත් කරමින් අපේ දර දිය ඇද ඔහු ජනාධිපති පුටුවේ හිඳුවා ගිනි පෙළෙල්ලෙන් බැට කෑ අප මේ කණ්ඩායමේ අවශ්‍යතා ඉටු කිරීමට ගොස් කණාමැදිරි එළියෙන් බැට කෑමට බිය විය යුතු නැද්ද..?නොඑසේ නම් පක්ෂයක් ලෙස අප රෑ වැටුණු වලේ යළි දවල් වැටිය යුතුද..?

මාදුළුවාවේ සෝභිත නා හිමියන් පෙන්වා දුන් පරිදි එදා පොදු අපේක්ෂකකම කරු ජයසූරිය මහතාට දී එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ බලය බෙදා හදා ගැනීමට අපේ නායකයින් නිහතමානී වුණා නම් පක්ෂයක් ලෙස අපට අද මේ දේශපාලන ඉරණම අත් වෙනවාද..? එසේ නම් අප තව දුරත්  අපේ පක්ෂය,පාක්ෂිකයා සහ අපේ අනන්‍යතාවය ගැන හැගීමක් නොමැති බාහිර බලවේගවලට අවශ්‍ය ලෙස ක්‍රියා කළ යුතුද..?එක්සත් ජාතික පක්ෂය මෙහෙය වනවා වගේ මේ අයට අනෙකුත් දේශපාලන පක්ෂ මෙහෙය විය හැකිද..?

අනෙකුත් දේශපාලන පක්ෂ මෙහෙයවීමට සහ එම පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත්‍රණ කිරීමට එම පක්ෂවල නායකයින් බාහිර බලවේගවලට ඉඩ නොදෙනවා නම් අප පක්ෂයක් ලෙස ඊට ඉඩ දෙන්නේ ඇයි..?

මෙම පුවත උපුටා ගන්නා ලද්දේ lankanewsweek වෙබ් අඩවියෙන් වන අතර අන්තර්ගතයේ සියළු වගකීම ඔවුන් සතුය. එම වෙබ් අඩවිය එජාපයේ ඉහල තනතුරක්ද දරන මුදල් ඇමති ධුරය බලාපොරොත්තුවෙන් සිට එය නොලැබී ගිය ඇමතිවරයෙක් විසින් මෙහෙයවන්නක් යයිද වාර්තා වෙයි.



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka