gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘‘ඇමරිකාවෙන් එන ගුවන් යානා, නැව් වලට කිිසිඳු ගාස්තුවක් නෑ- ඇමරිකානු ගුවන් විදුලි නාලිකාවකුත් ලංකාවට‘‘ රජය සමඟ කළ සාකච්ඡාවක රහස් හෙළිවෙයි.!

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී මෙරට  තාවකාලිකව රැඳී සිටින ඇමරිකානු හමුදා භටයන් සහ සිවිල් වැසියන් මෙන්ම ඇමරිකානු කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ගුවන්විදුලි ජාලයක්‌ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය ඉඩ ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම සාකච්ඡාවලට අදාළ රහස්‌ ලියවිල්ලකින් එම තොරතුරු හෙළිවී ඇති බවයි සඳහන් වන්නේ. එසේම මෙරටට පැමිණෙන කිසිදු ඇමරිකානු ගුවන් යානයකින් හෝ නැවකින් ගොඩබෑමේ ගාස්‌තු වරාය ගාස්‌තු හෝ වෙනත් ගාස්‌තු අය නොකළ යුතු බවද ඇමරිකානු තානාපති කාර්යාලය යෝජනා කර ඇති බව සඳහන්.

මීට අමතරව  ඇමරිකානු හමුදා නිලධාරීන්ට ඕනෑම තැනක නිදහසේ ගමන් කිරීමටද ඉඩදිය යුතු බවත්,ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වෙන්වූ විදුලි සංදේශ පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමටද ඉඩදිය යුතු බවත් එම රහස්‌ ලියවිල්ලේ දක්‌වා ඇති බවයි වාර්තා වන්නේ.
 -nethgossip
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka