gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙගිඩියාවෙන් සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගැන ගම්මන්පිලගෙනුත් චෝදනා !

නව ව්‍යවස්ථාවට සහාය පළකිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණට "යම්දෝ නොයම්දෝ" දෙගිඩියාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 21 දෙනෙකු එක් කරගෙන නව ව්‍යවස්ථාව සම්මත කරගන්නා බවට පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බවත් එසේ ප්‍රකාශ කළේ එකී දෙගිඩියාවෙන් සිටින මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට යාමට අවශ්‍ය විශ්වාසය හැදීමේ කූඨ චේතනාවෙන් බවයි.

එසේම ගම්මන්පිල මහතා දිගින් දිගටම නව ව්‍යවස්ථාව හැඳින්වූයේ "ෆෙඩරල් ව්‍යවස්ථාව" ලෙසය. සුමන්දිරන් මන්ත්‍රීවරයා "ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්නා" බව ප්‍රකාශ කළ බව ද ඒ මහතා පැවසීය.

එජාපෙ + දෙජාස + ජවිපෙ ගත් කළ සම්පූර්ණ මන්ත්‍රීවරුන් සිටින්නේ 126ක් පමණක් බැවින් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට නම් ඔවුන්ට තවත් මන්ත්‍රීවරුන් 24 දෙනෙකු අවශ්‍ය බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් එක්සත් ජාතික පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද ප්‍රකාශ කරන්නේ නව ව්‍යවස්ථාව ඒකීය රටක් තුළ බලය බෙදාහැරීමේ ව්‍යවස්ථාවක් මිස ෆෙඩරල් ක්‍රමයක් එහි අඩංගු නොවන බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka