gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝකයේ හොඳම පිළිකා ඖෂධ දැන් ලංකාවේ ! - (video)

ලෝකයේ මේ වන විට නිෂ්පාදනය කරන හොඳම ඖෂධ ලංකාවට ගෙනවිත ඇති නිසා පිළිකා රෝගීන් කිසිදු බියක් ඇතිකර ගතයුතු නැති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරිගණක ජාලගත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.

අවසන් අදියරේදී ප්‍රතිකාරවලට යොමුවන අය හැර රෝගය හඳුනාගත් මොහොතේදීම ප්‍රතිකාර සඳහා යොමුවන සියලුම රෝගීන් සුවකිරීමට හැකියාව පවතින බවයි රාජිත සේනාරත්න මහතා කියා සිටියේ.

එමෙන්ම එච්.අයි.වී. රෝගීන් සඳහාද ඖෂධ පවතින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වන්නන්ගේ විස්තර ගොනු සැකසීම, අන්තරාකාරී ඖෂධ පාලනය, පුද්ගල සදහා ඖෂධ ආනයනය, ඖෂධ ශාලා ලියාපදිංචිය යන ක්ෂේත්‍ර පළමු අදියර යටතේ පරිගණක ජාල ගත කිරිමට නියමිතය. මේ තුලින් ලිපිගොනු, දත්ත සහ ක්‍රියාදාම හැසිරවීම, පරිගණක ජාලගත කිරිම හරහා කාර්යක්ෂමව සිදු කිරිම ප්‍රධාන අරමුණ වෙයි.

මෙම අවස්ථාවට ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ, අයි.සී.ටි.ඒ ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka