gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙල්ගම ප්‍රවාහන ඇමති සමයේ ලංගම බස් 18කට ඇඩ්‍රස් නෑ !

කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍යධුරය දැරූ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයට නොමිලේ ලැබුණු බස් රථ 18ක් අස්ථානගත වී ඇති බව කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

2013 - 2014 සමයේ ලංගමයට බස් රථ 2200ක් මිලදී ගෙන ඇති අතර බස් රථ 10ක් මිලදී ගැනීමේදී නොමිලේ බස් රථයක් ලැබෙන ආකාරයට එම මිලදී ගැනීම සිදු කර ඇත. ඒ යුගයේ කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍යධුරය දැරූ අතර ලංගම සභාපතිධුරය දැරුවේ ශෂී වෙල්ගම මහතා විසිනි.
බස් රථ 10කට එකක් බැගින් නොමිලේ ලැබුණු බස් රථ අතරින් 18ක් ලංගමයේ නමට ලබාගෙන නොමැති බවත් ඒවා කළුතර දිස්ත්‍රික්කයේ පාසල් අතර බෙදාදුන් බව සඳහන් වන බවත් කෝප් කමිටු වාර්තාවෙන් පෙන්වා දෙයි.

එසේම 2014 ජනවාරි 31 වනදා මතුගම පැවති දිරි උදාව නම් උත්සවයක් සඳහා කළුතර ප්‍රාදේශිකයට අයත් ඩිපෝ 6කින් බස් රථ 47ක් ගාස්තු ගෙවීමකින් තොරව ලබාගෙන ඇති බව ද එම වාර්තාවෙන් හෙළිකර ඇත.

මේ පිළිබඳ විමර්ශන කරද්දී අනාවරණය වී ඇත්තේ හොරණ, පානදුර සහ අළුත්ගම ඩිපෝවලට අදාළ ධාවන විස්තර ඇතුළත් ලේඛන හිතාමතා විනාශ කර හෝ අස්ථානගතකර ඇති බවයි.

මෙසේ නොමිලේ ලැබුණු බස් රථ 18ක් ලංගමයට නොලැබීම සහ මුදල් නොගෙවා බස් රථ 47ක් රැස්වීමක් සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර, ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ කෝප් කමිටුව දැනුවත් කරන ලෙස කමිටු වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

-lankanewsweb
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka