gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා මැතිවරණ ඉල්ලා ශ්‍රීලනිප නඩු මගට !

පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ බලධාරීන් අතර ඊයේ (11) පැවති සාකච්ඡාවෙන් පසුව ශ්‍රීලනිප ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර අද පැවති සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, මැතිවරණය පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් දැනුවත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.

දින 50 ආණ්ඩුව යටතේ පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීම කැබිනට් මණ්ඩලයෙන් සම්මත කළ බවත් ඒ් සඳහා සහයෝගය ලබාදීමට තම පක්ෂය සූදානම් බව ද ශ්‍රීලනිප ලේකම්වරයා ප්‍රකාශ කරයි.

මේ අතර ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ පළාත් සභා මැතිවරණය හෝ වෙනත් කිසිදු මැතිවරණයක් කල් දැමීමට රජය කටයුතු නොකරන බවයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වී ඇත්තේ රජයේ තීරණයක් මත නොව මැතිවරණය පැවැත්වෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින ගැටලු නිසා බව ද රජය අවධාරණය කරයි.

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පරාජයට පත් වූ අතර පැරණි ක්‍රමයටම මැතිවරණය පවත්වන්නේ නම් එය ද පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුය.

අද පැවති රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා ලෙස සාකච්ඡාවට සහභාගි වූ එජාප නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka