gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ජනපති අපේක්‍ෂකයා ? : මෛත්‍රී-මහින්ද සාකච්ඡාවෙන් පසුවට

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා කවුරුන් ද යන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් සාකච්ඡා කර තීරණයක්‌ ගනු ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරු සඳහන් කළහ.
බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී ඊයේ (11 දා) පැවැති තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවේදී ඔවුහු එසේ කීහ.


නායකයන් දෙදෙනා නිවැරදි තීරණ නියම අවස්‌ථාවේදී ගනු ඇති බවත් එසේ නොමැතිව ඊට බාහිරින් විවිධ අය විසින් යම් යම් ප්‍රකාශයන් කර නැති අර්බුදයක්‌ නිර්මාණය කිරීම මේ අවස්‌ථාවේ සුදුසු නොවන බවත් එම මන්ත්‍රීවරු පැවසූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වන බවත් ඒ සන්ධානය තුළ විවිධ අදහස්‌ යෝජනා තිබිය හැකි බවත් සඳහන් කළ ඔවුහු තවමත් ඉදිරි ජනාධිපති අපේක්‌ෂකයා කවුරුන් ද, ඉදිරිපත් වන ලාංඡනය පිළිබඳ තීරණයක්‌ ගෙන නැති බවත් එ. ජා. ප. විරෝධී සටනේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් පැවසූහ.

මේ රටේ සියලු ජනතාව පිළිගන්නා මේ මහ පොළව ඉල්ලා සිටින ජනාධිපති අපේක්‌ෂකයෙක්‌ ඉදිරිපත් කළ යුතු බව තමන් නියෝජනය කරන දේශපාලන නායකයන්ගේ වගකීම බවත් ඔවුහු සඳහන් කළහ.

මෙම මාධ්‍ය හමුවේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ජානක වක්‌කුඹුර, ඉන්දික අනුරුද්ධ, කාංචන විඡේසේකර යන මහත්වරු අදහස්‌ දැක්‌වූහ.

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - මව්බිම කියයි

මේ අතර 'ඉරිදා මව්බිම' පුවත්පත වාර්තා කර ඇත්තේ, එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවට එ.ජා.ප.යේ මන්ත්‍රිවරුන් බහුතරයක් ඉදිරිපත් කර ඇති යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන ඇති බවයි.

එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට එ.ජා.ප. මන්ත්‍රිවරු බහුතරයක් මෙන්ම එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද ඉදිරිපත් කර ඇති යෝජනාවට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළ කර ඇතැයි එ.ජා.ප. ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් පැවසු බව 'මව්බිම' වාර්තාවේ සඳහන් වේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka