gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප 18 කණ්ඩායම අයවැයට පෙර තීන්දුවක් ගනියි !

අය-වැය ඉදිරිපත් කිරීමට නියමිත මාර්තු 05 වැනිදාට පෙර ජනපතිවරයා සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 18 දෙනා තම දේශපාලන අනාගතය පිළිබඳ පැහැදිලි තීන්දුවක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
ඒ අනුව එම 18 දෙනාම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව හා එක්වීම හෝ ඉන් බහුතර පිරිසක් එම තීන්දුව ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

මෙම කණ්ඩායමට අයත් වන මහින්ද අමරවීර මන්ත්‍රීවරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය දරන අතර නිමල් සිරිපාලද සිල්වා මන්ත්‍රීවරයා එහි උප සභාපති ධුරය දරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි සභාපති ධුරය දරන අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුවට එක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා නොදෙන බවය.

එජාප ජ්‍යෙෂ්ඨයකු පැවසුවේ ශ්‍රීලනිප කණ්ඩායමට, ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා කර ඇති බවය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ද මේ සඳහා මැදිහත් වී ඇති අතර දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාද සාකච්ඡාවලට එක්වී තිබේ.

මහින්ද අමරවීර මහතා මෑතකදී පැවසුවේ, එජනිස ආණ්ඩුවෙන් ඉවත් වූ විට එම සන්ධානය සමග එක්වන බවට, පොහොට්ටුවට ගිය මන්ත්‍රීවරුන් දුන් පොරොන්දුව ඉටු කළ යුතු බවය.

ශ්‍රීලනිප 18 කණ්ඩායම, පොහොට්ටුව සමග එක්වීමට අකමැති නිසා ඔවුන්ට ආණ්ඩුව හා එක්වී දේශපාලන අනාගතය තහවුරු කරගත හැකි බව පියසේන ගමගේ මන්ත්‍රීවරයා පැවසීය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka