gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම් වල පොලිය මත අයකළ බදු සීමාව ඉහළ දමයි !

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම් වල පොලිය මත අයකළ රඳවා ගැනීමේ බදු සීමාව ඉහළ නංවා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් ගිණුම් වලට ලැබෙන මාසික පොලී ආදායම රුපියල් 125,000 දක්වා රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබූ අතර එය පොලී ආදායම රුපියල් 250,000 දක්වා දෙගුණයක් බවට පත්කර තිබෙන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්වල මාසික පොලී ආදායම රුපියල් 250,000 වඩා වැඩිනම් සියයට 5 ක් වන රඳවා ගැනීමේ බද්ද අයකරනු ලබන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඇතැම් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සේවකයින් විශ්‍රාම යෝජනා ක්‍රම යටතේ විශ්‍රාම ගන්නා අතර එහිදී ඔවුන්ට ලැබෙන මුදල් ඉතිරිකිරීමේ ගිණුමක තැන්පත් කිරීමට වැඩි අවස්ථාවක් සලසාදීමේ අරමුණින් මෙම පියවර ගත් බවත්,නව බදු සීමාවන් අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka