gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට පාලනය කරන හැටි ගැන ලියවිල්ලක් තිබෙනවා.. අපි පාලනය කරන්නේ ඒක බලාගෙනයි - සාගල

දේශපාලන අස්ථාවරත්වයක් සිදු වූ පසුගිය දින 51 තුලදී වූ විනාශය මැඩපවත්වමින් ගෙනගිය වැඩසටහන් වේගවත්ව ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය සාගල රත්නායක මහතා පිටබැද්දර දන්කොළුව ශ්‍රී දුමින්දාරාම  විහාරස්ථානයේදී අද පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ මාතර පිටබැද්දර ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුල් 60 සඳහා සෙවිලි තහඩු පිරිනැමීමේ උත්සවයකට සහභාගී වූ අවස්තාවේදීය.

වැඩුදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘රටක් පාලනය වෙද්දී පාලනය සිදුකලයුතු ආකාරය සඳහන් ලියවිල්ලක් තියෙනවා.ඒකට කියන්නේ ව්‍යවස්ථාව කියලා.ඒ ලියවිල්ලේ ලියලා තියෙන විදියට නෙමෙයි අපේ රජය ඉවත් කිරීමට කටයුතු කළේ.අපේ රජය ඉවත් කිරීම නිත්‍යානුකුල වුනේ නැහැ.ඒ දින 51 එකේ ප්‍රමාදයෙන් අපරාධයක් සිද්ද වුනේ.ආර්ථිකය හිර වුනා.ඒ කෙටි කාලය තුළ සංවර්ධන කටයුතු ඇන හිටියා.

දැන් අපි ඒ විශ්වාසය ගොඩනගා ගන්නවා.ඒ ඇතිවේච්ඡ හානිය නිසා ඇතිවුණු ආර්ථික ප්‍රශ්න ටික මගහැරගෙන ඉස්සරහට යන්න,මුදල් හොයන්න අපි කටයුතු කරනවා.අපි කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ගත්තා ඒ අවශ්‍ය මුදල් ලබා ගන්න ක්‍රමවේදයක් සකස් කරන්න.

ඒ වගේම මේ වර්ෂය වැඩ කරන්න අවශ්‍ය මේ රටේ ආදායම, ඒ සඳහා අවශ්‍ය ණය ටිකට අමතරව ලබන අවුරුද්ද වෙද්දී තව තවත් මේ රටේ ආදායම් වැඩි කරලා රටේ ණය බර අඩුකරන්න ගෙනියපු වැඩසටහන් වේගවත්ව කරන්න කටයුතු කරනවා’යැයි පැවසීය.

– ප්‍රියංකර ගමගේ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka