gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"යෝජිත නව ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු ගැන අපි එකඟ නැහැ." අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

යෝජිත නව ව්‍යවස්ථාවේ සඳහන් ඇතැම් කරුණු ගැන තම පක්ෂය එකඟ නොමැති බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක සහ කර්මාන්ත සහ වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපේ පක්ෂය එකඟ නැහැ. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය වශයෙන් අපේ පක්ෂයේ අදහස් හා යෝජනා ලබා දී තියෙනවා. ඒ වගේම අනෙකුත් පක්ෂවලින් අදහස් හා යෝජනා ලබා දී තියෙනවා. නව ව්‍යවස්ථාවට ඇතුළත් ඇතැම් කරුණු ගැන අපි එකඟ නැහැ"

"නමුත් නව ව්‍යවස්ථාව සම්මත වුණු විදිහට තමයි සමහර අය කටයුතු කරන්නේ. එය වැරැදියි. නව ව්‍යවස්ථාව සම්මත කරන්න මන්ත‍්‍රීවරු 150කගේ බහුතර කැමත්ත අවශ්‍යයි. එක්සත් ජාතික පෙරමුණේ ඉන්න එක පක්ෂයක් විදිහට අපි නව ව්‍යවස්ථාවේ ඇතැම් කරුණුවලට එකඟ නැත්තම් මන්ත‍්‍රීවරු 150කගේ සහයෝගය ගන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා"

අමාත්‍යවරයා ඒ බව පවසා ඇත්තේ වව්නියාව නගර සභා සංස්කෘතික ශාලාවේ ජනවාරි 24දා පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

"මේ වසර තුළ නව ව්‍යවස්ථාව ඉදිරිපත් නොවේ යැයි අපි විශ්වාස කරනවා. මේ වන විට නව ව්‍යවස්ථාව ඉදිරිපත් කර, එය ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බවත් පවසමින් ඇතැම් පක්ෂ සහ කණ්ඩායම් ජනතාව අතර වැරැදි මතයක් පතුරවමින් සිටිනවා. සමහර අය මේක දේශපාලන වාසියට යොදා ගන්නවා ඇතැමුන් මේක ආණ්ඩු පක්ෂයට අවාසියක් විදිහට ප‍්‍රචාරය කරනවා". අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka