gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට හැදිය හැකි දක්‍ෂයන්ට ඉඩදී හොල්මන් ඉවත් විය යුතුයි - ඇමති රවී

රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් වැඩක් කළ හැකි දක්‍ෂයන්ට ඉඩදී මහ බැංකුවේ සිටින හොල්මන්කාරයන් ඉවත් විය යුතු යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි.
රටේ ආර්ථිකය කාබාසිනියා කර දමන්නේ මහ බැංකුවේ වැඩ බැරි ඇතැමුන් බවත් වැඩ කළ හැකි අයට පුටු භාරදී ඉවත් වන්නේ නම් රටේ ආර්ථිකයට යහපතක් වනු ඇති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

මේ වසරේදී ගෙවිය යුතු පවතින ණය ප්‍රමාණය එකවර පහළ වූවක් නොවන බවත් ණය ගෙවීමට වෙනත් විකල්ප තිබියදී පහසුම ක්‍රමය ලෙස රාජ්‍ය බැංකුවකින් ණය ලබා ගැනීමේ උපක්‍රමය මෙවැනි අවස්ථාවක රටට සුදුසු නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

අඩු පොලියට ණය ලබාගැනීමට හැකි ක්‍රමවේද කිහිපයක් පවතිද්දී මෙවැනි අවස්ථාවක රාජ්‍ය බැංකු අවදානමට ලක්කරමින් මෙවැනි ණයක් ලබා ගැනීමට සුදුසු නොවන බවද ඔහු පැවැසුවේය.

රටේ ආදායම රුපියල්වලින් සොයා ණය ගෙවීමට අවශ්‍ය මුදල් ඩොලර්වලින් ලබා ගැනීමේදී රටට සිදුවන්නේ පාඩුවක් බවද මෙවැනි අවස්ථාවක මෙවැනි ක්‍රියාමාර්ග කිසිසේත්ම රටට ඔබින්නේ නැති බවද හෙතෙම පැවැසීය.

මව්බිම
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka